2014 වර්ෂයේදී එළිදැක්වුණු බොහෝ ආදායම් ලැබූ සිනමාපටයක් වූ "Teenage Mutant Ninja Turtles" සිනමාපටයේ දෙවැනි දිගහැරුම ලෙස එළිදැක්වෙන "Teenage Mutant Ninja Turtles: Out of the Shadows" සිනමා නිර්මාණය පසුගියා 03 වැනිදා සිට "3D, RealD 3D, 4DX සහ IMAX 3D" ආකාරයන්ගෙන් සිනමාහල්වල තිරගත වීම ආරම්භ කිරීමට නියමිතය. පසුගිය මැයි 22 වැනි දින නිව්යෝර්ක් නගරයේදී මෙහි මුහුරත් උලෙළෙන් පැවැත්විණ. ඇමරිකානු ත්‍රිමාණ, සජීවීකරණ, විද්‍යා ප්‍රබන්ධමය, ක්‍රියාදාම, හාස්‍යමය ගණයන්ට අයත් සිනමාපටයක් වන මෙම සිනමාපටය චිත්‍රපට අධ්‍යක්ෂක "Dave Green" විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ලොව පුරා ප්‍රචලිත නින්ජා ටර්ටල්ස් චරිත පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය මිනිත්තු 112ක කාල පරාසයක් ඔස්සේ දිවෙන්නකි.
මෙහි රංගනයෙන් මේගන් ෆොක්ස්, ස්ටීවන් ඇමෙල්, විල් ආනෙට්, බ්‍රයන් ටී, ටේලර් පෙරී, බ්‍රිට්නි ඉෂිබාෂි, ලෝරා ලයනි සහ විලියම් ෆිඡ්නර් දායක වන අතර, තිර රචනය ජෝෂ් ඇපෙල්බාවුම්, ඇන්ඩ්‍රි නෙමෙක් විසිනි. ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය පෙර සිනමා නිර්මාණ මෙන්ම අති සාර්ථකත්වයක් ලබමින් තිරගත වේ යැයි මෙහි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තු වෙයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
