අලි පැටවුන්ගේ හුරතල් පිරුණ උඩවලව ඇත් අතුරු සෙවණට අපි ගිය සතියේ ගියානේ. උඩවලව කිව්වාම පරිසරය දකින්න කරන්න කැමති අයගේ තෝතැන්නක්. උඩවලව සංචාරක පුරවරයේ තියෙන සාධාරණ මුදලකට තරුපංතියේ අත්දැකීමක් විඳින්න පුළුවන් අපූරු නවාතැනකට අද යමු.
උඩවලව ජලාශය පසුකරලා තණමල්විල දිහාවට කිලෝමීටර් 2ක් පමණ යද්දි පාරේ දකුණු පැත්තේ මේ අපූරු නවාතැන පිහිටලා තිබෙනවා. මේ තමයි Elephant Trail සංචාරක හෝටලය.
උඩවලව රක්‍ෂිතය, මුලින් කිව්ම ඇත් අතුරු සෙවණ, සංඛපාල විහාරය, ගෝඨායිම්භර සොහොන, මඩුවන්වෙල වලව්ව, කිරින්ද, සෙල්ලකතරගම වගේ අපූරුම සංචාරක මං සලකුණු රුසක් මැද මේ හෝටලය පිහිටලා තියෙන්නේ. ඉස්තරම්ම මට්ටමේ ආහාර, ප්‍රියමනාප සේවක මණ්ඩලය, අපූරු නාන තටාකය වගේම උඩවලව වනෝද්‍යානයට යාමට අවශ්‍ය සෆාරි ජිප් රථ සේවයක් පවා ඔවුන් සතුයි. මේ සියල්ලටම වැය වෙන සාධාරණ අය කිරීම තමයි වැදගත්ම කාරණය.
ප්‍රසාද්
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022













