මහනුවර විද්‍යාර්ථ විදුහලේ වාර්ෂික සුහද හමුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහනුවර විද්‍යාර්ථ විදුහලේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමය මගින් පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලබන වාර්ෂික සුහද හමුව මෙම වසරේ දෙසැම්බර් මස 01 වැනි දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කොට ඇත.

මෙම වාර්ෂික සුහද හමුව කොළඹ ප‍්‍රදේශයේ ජීවත්වන ආදි සිසුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා වූ වාර්ෂික උත්සවයක් වන අතර මෙවර මෙම උත්සවය පවත්වනු ලබන්නේ 29 වන වරටයි. තවද මෙම උත්සවය දිවයිනේ ජනප‍්‍රිය බටහිර සංගීත කණ්ඩායමක සංගීතයෙන් සහ ජනප‍්‍රිය නර්ථන කණ්ඩායමක නර්ථනයෙන් විචිත‍්‍රවත් වන අතර සහභාගීවන සියලූ පවුල් සඳහා සහ ජයග‍්‍රාහකයින් සදහා සුවිශේෂී ත්‍යාග පිරිනැමීමටද සංවිධානය කර ඇත.

අභිනවයෙන් පත් වූ නව සභාපති කපිතාන් මංජුල දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධායක කමිටුව මෙහි පැමිණෙන සියලූම අමුත්තන් හට ප‍්‍රීතිමත් සන්ධ්‍යාවක් ගත කිරීමට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කොට ඇති අතර මෙවර ප‍්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් විද්‍යාර්ථ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ව්‍යාපාරික රංජිත් වීරසිංහ මහතා සහභාගී වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සංගමයේ ලේකම් චම්පික වීරසේකර මහතා දුරකථන අංක 077 7397723 වෙතින් ලබා ගත හැක.

20181126School-1