ලෝකයේ කෙල්ලන් 3000ක් පරදා මයිකල් ජැක්සන් එක්ක නටපු ලංකාවෙ එකම කෙල්ල

  • 03-04-2026
  • Views 6

හුස්ම ටික වාතලයට මුහු කරපු දවසකත් තරුවක් වගේ දිලිසෙන්න පුළුවන් තරු පායන්නේ හුඟක් අඩුවෙන්.

මයිකල් ජැක්සන් කියන්නේ කවදාවත් නිවෙන් නැතුව පායන දිලිසි දිලිසි බැබළෙන තරුවක් කීවොත් මම හිතන්නේ  වරදක් නැහැ.මයිකල් ජැක්සන් මේ ලෝකයෙන් සමු අරගෙන අවුරුදු පහළොවකට වැඩි කාලයක් ගෙවී ගියත් ඔහුගේ නාමය තවම දිලිහෙනවා.

මයිකල් ජැක්සන් එක්ක එකම වේදිකාවක නර්තනයේ යෙදෙන්නට තරම් වාසනාවන්ත වූ ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක් ඉන්නවා.

එයා තමයි මහාචාර්ය යමුනා සංගරසිවම්.

1991 අවුරුද්දේදී මයිකල් ජැක්සන් ගේ  Black or White කියන අතිශය ජනප්‍රිය ගීතයේ වීඩියෝවට  නර්තනයෙන් එකතු වෙන්න තරම් ඇය වාසනාවන්ත වුණා.

මේ වීඩියෝවේ ඇය පෙනී ඉන්නෙ මිනිත්තුවකටත් අඩු කාලයක්.පටිගත කිරීම කළේ අධිවේගී මාර්ගයකදී.ඒත් ඒ දර්ශනය පටිගත කරන්න පැය 14 ක කාලයක්  වැය කරන්න වුණා.

සුවිශේෂීම කරුණ ඔයා දන්නවද ?

මේ නර්තනය සඳහා ලොව පුරා හිඳින නර්තන ශිල්පිනියන් 3000ක් ඉදිරිපත් වෙලා හිටියා.

ඒත්  ගීතයට යමුනාව තෝරාගෙන තිබුණෙ මයිකල් ජැක්සන් විසින්මයි.

ශ්‍රී ලංකාවෙ උතුරු පළාතේ උපත ලැබූ යමුනා මැලේසියාවෙ හැදී වැඩී පසුව ඇමෙරිකාවට ගිහින් තියෙනවා.

1990 දී මිනසොටා විශ්ව විද්‍යාලයෙන් කලා උපාධිය ලැබූ ඇය පසුව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තා.

මේ වෙද්දි ඇය මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් .

ඉතින් යමුනා කියන්නෙ ඇත්තටම ගලා යන ගංඟාවක් සදිසි ගැහැනියක්.