"හොඳ ගැහැනු ළමයි ඉතිහාසයක් නිර්මාණය කරන්නේ නැහැ. ඉතිහාසගත වෙන්නේ නිර්භීත අයයි." - ප්‍රියංකා චොප්රා.
බොලිවුඩයෙන් හොලිවුඩයට ගොස් ජාත්‍යන්තර සිනමාව ජයගත් ප්‍රියංකා චොප්රා, ඉන්දියාවේ ජනප්‍රිය 'The Ranveer Show' (TRS) පෝඩ්කාස්ට් වැඩසටහනේදී දැක්වූ මෙම අදහස සිනමාවට මෙන්ම සැබෑ ජීවිතයටත් කදිම ආදර්ශයකි.
ඇය පවසන පරිදි, ජීවිතය නමැති චිත්‍රපටයේ ප්‍රධාන නළුවා හෝ නිළිය (Lead Actor) වීමට නම්, සමාජ සම්මතයන්ගෙන් ඔබ්බට ගිය නිර්භීත තීරණ ගැනීමට අපට සිදුවේ.
එම නිර්භීතකම සහ සවිබල ගැන්වීම දෙමාපියන්ගෙන්, සමාජයෙන් හෝ වෙනත් අයෙකුගෙන් බලාපොරොත්තු විය හැක්කක් නොව, ඔබ තුළින්ම මතු විය යුත්තකි. සිනමා තිරයේ දකින ප්‍රබල චරිත, සැබෑ ජීවිතයෙත් ගොඩනැගෙන්නේ එලෙසිනි.
ප්‍රියංකා කියන්නෙ එහෙම.....
ඇත්තටම ජීවිතය තියෙන්නේ ජීවත් වෙන්න නෙවෙයි ....හොයාගෙන යන්න.....
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026

