බොලිවුඩ් සිනමාවේ රජුන් ලෙස සැළකෙන සුපිරි නළු ෂාරුක් ඛාන් මීට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී අනතුරකට ලක්ව ඇත. ඒ ඔහු පෙනී සිටින වර්තාමය චිත්‍රපටයක රූපගත කිරිම් අතරතුරදීය. මෙම අනතුරින් ෂාරුක්ගේ නාසයට හානි සිදුව ඇති අතර, නාසයෙන් රුධිරය වාහනය වීමක්ද සිදුව ඇත. අනතුර සිදුවිමෙන් පසුව ෂාරුක් ලොස් ඇන්ජලීස් නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර, එහිදි සුළු ශල්‍ය කර්මයක්ද සිදු කර තිබේ.
කෙසේ වෙතත්, චිත්‍රපට නිෂ්පාදකවරයා සඳහන් කළේ මෙම අනතුරින් සිදුවු තුවාලය එතරම් බරපතල එකක් නොවන බවය. ශල්‍ය කර්මය සිදු කිරිමෙන් පසුව ඔහු නැවතත් ඉන්දියාවේ මුම්බායි නගරයේ සිය නිවසේ පැමිණ තිබුණ බව සඳහන් වෙන අතර, මේ දිනවල ඔහු විවේක සුවියෙන් පසුවෙන බවද වාර්තා වෙයි.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
