හින්දු ආගමික හැඟිම් රිදවීම හේතුවෙන් නයන්තාරා රංගනයෙන් දායක වූ අන්නාපුරනි චිත්‍රපටය මේ වනවිට නෙට්ෆිල්ක්ස් සමාගමෙන් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම චිත්‍රපටයේ සූපවේදිණියක් වීමට අපේක්ෂා කරන හින්දු බ්‍රාහ්මණ කාන්තාවක් ලෙස නළු නයන්තාරා රංගනයෙන් දායක වේ. ඇය තම පවුලේ ආගමික විශ්වාසයන්ට පටහැනිව ගොස් මස් අනුභව කිරීම සහ එය පිසීමට ඉගෙන ගන්නා බව පෙන්වයි.
දැඩි මතධාරී හින්දු සංවිධානවල සාමාජිකයින් මෙයට සහ චිත්‍රපටයේ අනෙකුත් දර්ශනවලට විරෝධය පළ කර ඇති අතර, නයන්තාරා බුරියානි පිසීමට පෙර මුස්ලිම් ආගමට අනුව යාඥා කරන ආකාරය පෙන්වන දර්ශනයක්ද මෙහි ඇතුලත්ව ඇති හෙයින් මුස්ලිම්වරුන්ද මීට විරෝදය පාන්නට වී ඇත. චිත්‍රපටය මෙසේ අතරමඟ ඉවත් කර ගැනීමට මෙම කරුණු කාරණා ඉවහල් වූ බව සඳහන් වෙයි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
