අන්නාපූරනි නෙට්ෆිල්ක්ස් එකෙන් ඉවත් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හින්දු ආගමික හැඟිම් රිදවීම හේතුවෙන් නයන්තාරා රංගනයෙන් දායක වූ අන්නාපුරනි චිත්‍රපටය මේ වනවිට නෙට්ෆිල්ක්ස් සමාගමෙන් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම චිත්‍රපටයේ සූපවේදිණියක් වීමට අපේක්ෂා කරන හින්දු බ්‍රාහ්මණ කාන්තාවක් ලෙස නළු නයන්තාරා රංගනයෙන් දායක වේ. ඇය තම පවුලේ ආගමික විශ්වාසයන්ට පටහැනිව ගොස් මස් අනුභව කිරීම සහ එය පිසීමට ඉගෙන ගන්නා බව පෙන්වයි.

දැඩි මතධාරී හින්දු සංවිධානවල සාමාජිකයින් මෙයට සහ චිත්‍රපටයේ අනෙකුත් දර්ශනවලට විරෝධය පළ කර ඇති අතර, නයන්තාරා බුරියානි පිසීමට පෙර මුස්ලිම් ආගමට අනුව යාඥා කරන ආකාරය පෙන්වන දර්ශනයක්ද මෙහි ඇතුලත්ව ඇති හෙයින් මුස්ලිම්වරුන්ද මීට විරෝදය පාන්නට වී ඇත. චිත්‍රපටය මෙසේ අතරමඟ ඉවත් කර ගැනීමට මෙම කරුණු කාරණා ඉවහල් වූ බව සඳහන් වෙයි.