කිහිප වරක් ප්‍රදර්ශන දිනය අවලංගු කළ අල්ලු අර්ජුන්ගේ පුෂ්පා ද රූල් චිත්‍රපටය මේ වනවිට මේ වසරේ දෙසැම්බර් 02 වැනිදා තිරගත වීමට දින නියම කර ඇත. අල්ලු අර්ජුන්, රශ්මිකා මන්දනා ෆාහද් ෆාසිල් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 500ක් වියදම් කරමින් නිර්මාණය කර ඇත.
ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටය ප්‍රකට නෙට්ෆිල්ක්ස් ආයතනය විසින් ඉන්දීය රුපියල් කෝටි 275ක මුදලකට ලබාගෙන ඇත. චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 800කට එහා ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවය.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
