ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි ඇන් ඩී අර්මස් රංගනයෙන් දායක වන බැලරීනා හෙවත් ෆෝම් ද වර්ල්ඩ් ඔෆ් ජෝන් වික්ස් බැලරිනා චිත්‍රපටයේ ප්‍රදර්ශන දිනය පසුගිය වසරේ කල් දමා තිබුණි. මෙය සුපිරි නළු කේනු රිව්ස් රංගනයෙන් දායක වෙන ජෝන් වික්ස් චිත්‍රපට මාලාවේ තවත් කොටස් බව සඳහන් වෙයි.
චිත්‍රපටය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන්නට චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලින් වයිස්මන් කටයුතු කර තිබුණ අතර, ප්‍රචාරක කටයුතුවලදී සිදු වු අතපසු වීමත් මත මෙය 2025 වසර දක්වා කල් යැවු බව සඳහන් වෙයි. ඇනා සමගින් මෙහි සුපිරි නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වෙන අතර, කේනු රිව්ස්ද ආරාධිත රංගනයක මෙහි නිරත වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
