මේ වනවිට හොලිවුඩ් නිර්මාණ කිහිපයකම දකින සිනමා නිළි ප්‍රියංකා චොප්රා මේ දිනවල ඉන්දියාවේ හයිද්‍ර්බාද් නගරයේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ලැබෙන තොරතුරුවලට අනුව ප්‍රියංකා මෙසේ ඉන්දියාවට පැමිණ ඇත්තේ අලුත්ම තෙළිඟු චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමටය.
රාජ්මෞලි විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය සඳහා ප්‍රියංකා චොප්රා සමගින් ප්‍රධාන චරිතයට පෙනී සිටින්නේ සුපිරි තෙළිඟු සිනමා නළු මහේෂ් බාබුය. රාජ්මෞලි විසින් අධ්‍යක්ෂනය කරන 29 වැනි චිත්‍රපටය මෙය වන අතර, ඔහුගේ චිත්‍රපටයක් සඳහා බොලිවුඩ් නිළියක් සම්බන්ධ වූ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
