චිත්‍රපට රංගනයක් සඳහා ඉහළ මුදලක් අය කරන සුපිරි නිළියන් අතරින් කෙනෙකු වන කංගනා රනවුත් මේ වසරේ රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයද මේ වනවිට අසාර්ථක වි ඇත. පසුගිය වසර තුනක කාලයක් තුළදී කංගනාගේ කිසිදු චිත්‍රපටයක් නිෂ්පාදන පිරිවැය හෝ සොයා ගැනිමට නොහැකි තරම් අසාර්ථක විය.
ඉන්ද්‍රිරා ගාන්ධිගේ ජිවිත කතාව අලලා සැකසුණ කංගනාගේ මේ අලුත්ම චිත්‍රපටය නම් කර තිබුණේ එමර්ජන්සී නමිනි. ඉන්දීය රුපියල් කෝටි 68ක් වියදම් කළ මෙම චිත්‍රපටය දැනට උපයාගෙන ඇත්තේ ඉන්දිය රුපියල් කෝටි 15කටත් අඩු මුදලකි. මෙය කංගනා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය ලෙසද ඉතිහාස ගත වෙයි.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
