කත්‍රිනා එක්ක සේතුපති රඟපෑ චිත්‍රපටය අසාර්ථකයි

  • 04-04-2024
  • Views 457

ශ්‍රී රාම් රාඝවන් අධ්‍යක්ෂණය කළ මේරි ක්‍රිස්මස් චිත්‍රපටය මේ වනවිට සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකිව අසාර්ථක වි ඇත. ජනවාරි 14 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් සොයා ගැනීමට සමත්ව තිබේ.

මෙහි ප්‍රධාන චරිතනිරූපණය කරන්නේ විජේ සේතුපති හා කත්‍රිනා කයිෆ් දෙදෙනාය. ඔවුන් දෙදෙනා සිනමා තිරයේ ප්‍රේක්ෂකයින් හමුවූ පළමු වතාවද මෙය වීම විශේෂත්වයකි. දැනට ලැබෙන ආරංචි මාර්ග නම් මෙම චිත්‍රපටය අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවට එකතු කර ඇති බවයි.