මේ වසරේ තිරගත වූ ඩූනේ පාර්ට් ටූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ යොවුන් හොලිවුඩ් සිනමා නළු තිමෝති චලමේට් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් නුදුරේම ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. තවමත් ප්‍රදර්ශනය වන දිනයක් ප්‍රසිද්ධ කර නොමැති මෙම චිත්‍රපටය ඇමෙරිකානු ප්‍රකට මේස පන්දු ක්‍රීඩකයෙකු වූ මාටි රිස්මන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන ලද්දක් වෙයි.
චිත්‍රපටය ජෝශ් සෆ්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන අතර, තිමෝති සමගින් ග්වෙන්ත් පල්ත්‍රෝවා රංගනයෙන් දායක වෙයි. ඇය හොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටින්නේ 2019 වසරේ තිරගත වූ ඇවෙන්ජර්ස් ඊන්ඩ් ගේම් චිත්‍රපටයෙන් පසුව බව සඳහන් වෙයි.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
