නේහාට මල පනී.හින්දී සිනමාවෙ අසභ්‍යම ගීතය තහනම්

Bollywood වලින් තරම් News ඇහෙන තැනක්....මම අහන්නෙ තව තියෙනවා ද ?
කොලිවුඩ් ,නොලිවුඩ් ලට මේ බොලිවුඩ්ලත් එක්ක හැරෙන්නවත් බෑ ..
වෙලාවකට රස සළාද...
වෙලාවකට චොර පුඩිම්...
නැති මඟුලක්
නැති රෙද්දක් නැති
ඒත්
සුපිරි පාරාදීසයක් වගේ පේන යටින් අමුතු අමුතු ගිනි ඇවිලෙන තැනකට තමයි මචං දන්න සිංහලෙන් බොලිවුඩ් කියන්නෙ......
මේ චොර සීන් කෝන් එක මොකක්ද දන්නවද ?
ඉන්දීය සිනමා වාරණ මණ්ඩලය හින්දී සිනමවේ අසභ්‍යම ගීතය තහනම් කරපු එක......
නෝරා ෆටේහිගේ අයිටම් ඩාන්ස් එකක් ඇතුළත් ඉදිරියේදී තිරගතවීමට නියමිතව තිබෙන ඒ චිත්‍රපටයෙ නම තමයි The Devil .
ඒ Film එකේ නේරා සහ සංජය දත් රංගනයෙන් දායක වන Sarke Chunar ගීතයේ හින්දී අනුවාදය තමයි මේ විදිහට තහනම් කළේ
චෝදනා ආවේ පට පට ගාලා....දන්නවනෙ ඉන්දියානුවන්ට මල පැන්නොත් සුම්මා හුම්මා තමයි ඉතින්...පැම්ණිලි ආවා හෝ හෝ ගාලා...සං සං සීන් එකෙන්....
තත්ත්වය දරුණු වෙද්දි සින්දුව තහනම්...!
ඒත් හැබැයි මේ ගීතයේ කන්නඩ ,දමිළ,තෙළිඟු ,
මලයාලම් අනුවාදන තාම Social media වල ඇහෙනවා......
Marketing සීන් එකක්ද මන්දා.....
පද හරි අසභ්‍ය යි
ලිංගික අර්ථ දැක්වෙනවා
කාමුකයි
හුගාක් අය අහලා තිබුණා ඉන්දියාවෙ Censor board එකක් තියෙනවද අප්පා කියලා.......
දරුවන් සහ තරුණයන් මේ රටේ ඉන්නවා
ඔවුන්ගේ මනස දූෂණය කරන්න එපා......
ඉන්දීය සිනමාව තියෙන්න ඕනෙ මේ වගේ තැනක නෙවෙයි කියලා...
එකම එක ධනාත්මක ප්‍රතිචාරයක් නෑ
මේ ඔක්කොම අල කලංචි අස්සෙ නේහා කට ඇරියා....
මම මේ ගීතය වසර තුනකට පෙර කන්නඩ භාෂාවෙන් රූගත කළා.මට හින්දී අනුවාදය සමඟ කිසිම සම්බන්ධයක් නෑ..නිෂපාදකවරුන් මට වෙනත් දෙයක් පරිවර්තනය කර පෙන්නුවා.කිසිවක් නුසුදුසු සහ අසභ්‍ය ලෙස පෙන්නුවෙ නෑ .මොකද මම කන්නඩ භාෂාව දන්නෙ නෑ.....හින්දී අනුවාදය නිකුත් කළේ මගේ අවසරය හෝ අනුදැනුම නැතුව.....
ගීතය ප්‍රවර්ධනයට AI පින්තූරත් හදලා.....
ෂිහ්.......
අන්න එහෙමයි නේහා කීවේ
අනේමන්දා Marketing ද ?
සිරා සීන්ද ?
මොක වුණත් සින්දුව තහනම් .........
ඒක සත්‍යයක් ඈ.......
