සුපිරි එංගලන්ත පාපන්දු ක්‍රීඩකය ඩේව්ඩ් බෙකම් හා ලෝකයේම ආදරය දිනූ ස්පයිස් ගර්ල් සංගීත කණ්ඩායමේ නිර්මාතෘ වික්ටෝරියා බේකම්ගේ බාල පුත් කෘස් බේකම් මේ වනවිට පෙම්වතෙකු වි සිටියි. ඔහුගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ බ්‍රසීලයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකාවක් වන ජැකී අප්ස්ටේල් සමගය.
ඇය බ්‍රසීල හා ජර්මන් සම්භාවයක් සහිත තරුණියක් බවද සඳහන් වෙයි. කෙසේ වෙතත්, විශේෂත්වය වන්නේ කෘස් බේකම්ට වඩා ඇය වසර 10කින් වැඩිමහල් වීමය. කෘස් මේ වන විට 19 වැනි වියෙහි පසුවන අතර, ජැකී සිය 29 වැනි විය මේ වනවිට ගෙවා දමමින් සිටියි. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
