2023 වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියනකටත් එහා අධික ආදායමක් උපයාගත් බාර්බි චිත්‍රපටයේ රඟපෑ මාග්‍රට් රොබී මේ වනවිට ගැබිණියක්ව සිටියි. මීට දින කිහිපයකට පෙර ඇය සිය සැමියා වූ චිත්‍රපට නිෂ්පාදක ටොම් සමග ඉතාලියේ දූපතක රාත්‍රි ආහාර ගනිමින් සිටින අවස්ථාවක තමන් ගැබිණියක්ව සිටින බව ප්‍රසිද්ධ කර ඇත.
මෙම අවස්ථාව සඳහා මාග්‍රට් සමග චිත්‍රපට කිහිපයකම රඟපෑ බ්‍රැඩ්ලි කූපර් හා ඔහුගේ පෙම්වතිය වූ ගිගි හාර්ඩිද එක්ව සිටියහ. කෙසේ වෙතත්, මාග්‍රට් ඇතුළු පිරිස ආහාර ගනිමින් සිටින ඡායාරූප කිහිපයක් පැපරාසි කැමරාකරුවෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණ අතර, එය කෙටි කාලයක් තුළදී මුළු අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධ වී තිබුණ බව වාර්තා විය.



Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
