ජනප්‍රිය මලයාලම් චිත්‍රපට රැසකම රංගනයෙන් දායක වූ සිනමා නළු ෆහාද් ෆාසිල් මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසය. ඔහු විසින් මේ වසරේ නිෂ්පාදනය කළ ප්‍රේමලු, ආවේශම් චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි 300කට එහා ආදායමක් උපයාගන්නට සමත් විය. මේ වනවිට ෆාහද් දකුණු ඉන්දිය සිනමාවට සම්බන්ධව සිටින අතර, මේ දිනවල ඔහු රාජිණිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටයකට එකතු වී ඇත.
මීට පෙර ඔහු ඉන්දීය රුපියල් කෝටි 450ක ආදායමක් උපයාගත් කමල් හසන්ගේ වික්‍රම් චිත්‍රපටයේද රංගනයෙන් දායක විය. මේ වනවිට ලැබෙන තොරතුරුවලට අනුව ෆාහද් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ඉම්ටියාස් අලිගේ චිත්‍රපටයක් සඳහාද එකතු වී ඇති බවය. එය ඔහුගේ පළමු බොලිවුඩ් සිනමා රංගනය වීම විශේෂත්වයකි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
