ඩූම්ස් ඩේ චිත්‍රපටය හරහා නැවතත් මාවල් චිත්‍රපට සමග එකතු වූ රොබට් ඩවුනි මෙන්ම තවත් සුපිරි ඇවෙන්ජර්ස් තරු කිහිපයක්ද නැවත් මාවල් චිත්‍රපට සමග එක් කර ගැනීමට එම සමාගම සභාපති කෙවින් පේජ් ඇතුළු විධායක මණ්ඩලය මේ වනවිට තිරණය කර ඇතැයි වාර්තා වෙයි. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වර් චිත්‍රපටයේදී තානෝස් හමුවේ මරණයට පත් වූ විෂන් චරිතයද නැවත ඉදිරි ඇවෙන්ජර්ස් චිත්‍රපට සඳහා එක් කර ගැනීමට එම සමාගම තිරණය කර ඇත.
විෂන් ලෙස රඟපෑ පෝල් බෙට්නිද මේ වනවිට ඊට කැමැත්ත පළ කර ඇත. එමෙන්ම වෝන්ඩා ලෙස රඟපෑ එළිසබත් ඕල්සන්ද, ඇවෙන්ජර්ස් ඒජ් අල්ට්‍රෝන් චිත්‍රපටයේ දුෂ්ටයාට රඟපෑ ජේම්ස් ස්පාඩර්ද ඉදිරියේදී ඇවෙන්ජර්ස් චිත්‍රපටවල නැවත දකින්න ලැබෙන බව කෙවින් පේජ් පවසා ඇත.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
