2018 වසරේදී විවාහ වූ ඇමෙරිකානු පොප් ගායක ජස්ටින් බීබර් හා මෝස්තර නිරූපිකා හයිලි දෙදෙනා මීට දින කිහිපයකට පෙර පළමු වතාවට මාපියන් වූ බව සඳහන් වෙයි. ඒ බව ප්‍රසිද්ධ කර තිබුණේ ජස්ටින් බීබර්ගේ මව පැටී මල්ලෙට් විසිනි. ඇය විසින් සිය පුත් ජස්ටින්ට මෙන්ම ලේලීය හයිලිට අලුත. උපන් දරුවාටද සිය එක්ස් ගිණුම හරහා සුබපැතුම් එක් කරමින්ය.
ඉන් අනතුරුව ජස්ටින් හා හයිලි දෙදෙනාද සිය සමාජ පිටු ඔස්සේ අලුත උපන් දරුවාගේ පාද සහිත ඡායාරූපයක් නිකුත් කරමින් තමන් මාපියන් වූ බව සනාථ කර තිබුණි. හයිලිගේ පියා ඇතුළු පවුලේ අයද ජස්ටින්ගේ සංගීත දිවියේ සමිපතමයින්ද ජස්ටින්ට හා හයිලිට සුබපැතුම් එකතු කොට තිබුණ අතර, ජස්ටින් පවසන්නේ තම බිරිඳත් දරුවාත් ඉතා සුවෙන් මේ වනවිට සිටින බවය.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
