
නොකියාම හිතින් ආදරය කළ කෙනෙක් ඇත්තටම මුණගැසුණු තත්ත්පරයක ඔයාට දැනෙන්නෙ කොහොම හැඟීමක්ද? අහන්න ආසාම හිත නිවන කටහඬක් ඇත්තටම කන් දෙකට ඇහෙද්දී දැනෙන මිහිර කොච්චරක්ද ? අනේ මන්දා මම වචන දන් නෑ කියන්න.
නුවන්ධිකා සේනාරත්න ඊයෙ පෙරේදා දවසක ඉන්දියාවට ගියේ අපේ ජාතික ගීය ඉන්දියාවෙ පිට්ටනියකදි ගයන්න.ඒ අපේ ක්‍රිකට් වෙනුවෙන්..........
ඉතින් නුවන්ධිකා ? අපි ඇහුවෙ එච්චරයි
අපේ ජාතික ගීය ගයන්න මට ලැබුණු අවස්ථාවත් එක්ක පුදුම සතුටකින් මම ඉන්දියාවට ගියේ.ශ්‍රියා ගෝෂාල් මුණගැහුණම ඒ සතුට දෙගුණ තෙගුණ වුණා.2009 ඉඳන් මම එයාගෙ සින්දුවලට කටහඬට ආදරය කළේ. මම එයාට ඒක කීවා.එයා මට පුහුණුවී වලදි වගේම Event එකේදිත් හමුවුණා.ජාතික ගීයෙ මම සමහර තැන් ගයන හැටි හරි ලස්සනයි කියලා එයා කීවා.මගේ කට හඬ ලස්සනයි කීවා.මට ඉතින් පුදුම සතුටක්.පුහුණුවීම්වලදි Event එකේදි එයා මගේ ළඟින්ම හිටියා.අපි දෙන්නා හුඟාක් කතා කළා.......
ජීවිතය සුන්දරද මෙතරම් ...එදා නුවන්ධිකාට එහෙම හිතෙන්න ඇති නේද ?

Trending News
Events
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
