තරු මැද ඇරුණු VENUS CLINIC

  • 20-05-2026

මම රූපලාවණ්‍ය පිළිබඳ විශේෂ වෛද්‍ය කුසල් පලිහවඩන. මගේ ප්‍රථම උපාධිය වෙන්නේ රාගම වෛද්‍ය පීඨයෙන්, දෙවන පෙළ සාමාර්ථයක් (Second Class) සහිතව ලබාගත් MBBS උපාධියයි. ඊට පස්සේ මම ඉන්දියාවේ ගිහිල්ලා මාස 06 ක රූපලාවණ්‍ය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරනවා. ඒකෙන් තමයි Aesthetic Medicine සහ Cosmetology සම්බන්ධව මම මූලික අධ්‍යාපනය ලබාගන්නේ. ඊට පස්සේ මම Aesthetic Medicine සම්බන්ධව Australian Fellowship එකක් කරනවා. ඊට අමතරව ඉන්දියාවේ Aesthetic Medicine සම්බන්ධව තවත් Master Program එකකුත් හදාරලා තියෙනවා. එසේම මේ වෙද්දි Liposuction (ලයිපොසක්ෂන්) සම්බන්ධ පාඨමාලාවකුත් මම සම්පූර්ණ කරලා තියෙනවා

වෛද්‍ය කුසල් පලිහවඩන ඒ හැඳින්වීම කළේ   කැලණිය විශ්ව විද්‍යාලයට නුදුරින් නිස්කලංක තැනක  VENUS CLINIC -Skin and Medicare විවෘත කළ දවසේ.
ප්‍රවීණ රංගවේදී සුදත් ඇන්තනී, 2015 මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ පැළඳි ප්‍රවීණ නිරූපණ ශිල්පිනී සිනමා නිළි හරිනි අග්‍රා ශ්‍රී කාව්‍යාංජනී ,ප්‍රවීණ නිරූපණ ශිල්පිනී විස්නා ප්‍රනාන්දු, අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය වෙනුවෙන් ලෝකයේ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද රංගන ශිල්පී සුරන් දසනායක ඇතුළු සම්භාවනීයන් රැසක් VENUS CLINIC  විවෘත කරන දවසෙ ඇවිත් හිටියා........

VENUS CLINIC  තුළින් ඔබට පුළුවන් නිවැරදිම ක්‍රමවේදයකට හරිම විද්‍යාත්මක විදිහකට ලස්සන වෙන්න.

​හිසකෙස් ගැලවී යාම සඳහා PRP / GFC / PRF ප්‍රතිකාර

මුහුණේ අඳුරු ලප (Pigmentation) සඳහා Pico Laser ප්‍රතිකාර

සියලුම තුවාල හා කුරුලෑ ලප සඳහා CO2 ලේසර් ප්‍රතිකාර

මුහුණේ එල්ලා වැටීම වැළැක්වීමට HIFU (හයිෆු) ප්‍රතිකාර

දිදුලන සමක් සඳහා කොලජන් ප්‍රතිකාර

සියලුම ටැටූ ඉවත් කිරීම

ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ලේසර් භාවිතයෙන් ඉවත් කිරීම

ශරීරයේ අමතර මේදය ඉවත් කිරීමට Liposuction, Fat Freezing සහ Lipolysis Injections ප්‍රතිකාර.

Fillers සහ Botox ප්‍රතිකාර

දිදුලන සමක්  සඳහා කෙමිකල් පීල් (Chemical Peel) ප්‍රතිකාර

කුරුලෑ (Acne), ටීනියා (Tinea), එක්සීමා (Eczema) ඇතුළු සියලුම චර්ම රෝග සඳහා ප්‍රතිකාර.

ස්ත්‍රී, පුරුෂ ලිංගික ගැටලු සඳහා PRP තාක්ෂණයෙන් සිදුකරන O-Shot හා P-Shot ප්‍රතිකාර මෙන්ම HIFU ප්‍රතිකාර.

හයිඩ්‍රාෆේෂල් (Hydrafacial) ප්‍රතිකාර

මීට අමතරව අපි Endolifting (එන්ඩොලිෆ්ටින්) සහ Fat grafting (ෆැට් ග්‍රාෆ්ටින්) වැනි ප්‍රතිකාරත් සිදු කරනවා.

වෛද්‍ය කුසල් පලිහවඩන VENUS CLINIC  ඔස්සේ සිදුවෙන්නෙ මොනවද කියලා අහද්දී දුන්න උත්තරය තමයි ඒ.....

නිරෝගී බව සහ සැබෑ සුන්දරත්වය ප්‍රාර්ථනාවක් නොවෙන්නේ කාගෙද ? එය අවසන් හුස්ම තෙක් මේ ලෝකයට සපැමිණෙන හැමෝගේමා ප්‍රාර්ථනාවක්