යශෝදා - දශක හතරක සිනමා ආවර්ජනා

  • 19-11-2026

යශෝදා විමලධර්ම 
රංගවේදනියගේ  සිනමා ජීවිතයේ දශක හතරක සිනමා ආවර්ජනා සිනමා දැක්ම ඉකුත් දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.


යශෝදා රංගනයෙන් දායක වූ තීර්ථයාත්‍රා, සමනල සංධ්වනිය, ගරිල්ලා මාකටින් සහ වෛෂ්නාවී යන චිත්‍රපටත්  අග්නිදාහය  චිත්‍රපටයත් එම සිනමා දැක්මේදී ප්‍රදර්ශනය කෙරිණි.

ඇගේ සිනමා ජීවිතයේ ඇය හා රංගනයෙන් එක් වූ  රංගවේදීන් මෙන්ම ඇය හා  ඒ ගමනට එක්වූ විවිධ හිතවතුන්  රැසක්ද  එදින සහභාගි වූයේ දශක හතරක ඇගේ සිනමා ගමන් මඟ වෙනුවෙන් සුභ පැතුම් එක් කරන්නටය.