හෙළ බසේ රෑ රටා -2026

  • 19-11-2026

සාහිත්‍ය මාසය නිමිත්තෙන් ඔක්තෝම්බර් 23 වන දින මාර/ පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය, ජාතික පාසැලේ පැවැත්වූ "හෙළ බසේ රූ රටා 2026" සාහිත්‍යය උත්සවය. මෙම පාසැලේ විදුහල්පතිනිය වන අමරනාථ මැණිකේ මැතිනියගේ ආරාධනයෙන්,
 මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස දයානි පතිරණ කැඳවීම විශේෂත්වයක් වූයේ ඇය,එම පාසැලේ හයවන ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලැබූ පාසැලට තරඟ ගණනාවකින් සෑම වසරකම කථික, ගද්‍ය රචනා, පද්‍ය රචනා,ඒකල සහ  නැටුම්, අත්පන්දු , දැල්පන්දු, එල්ලේ තරඟ වලින් සමස්ත ලංකා තෙක් තරඟ වැදුනු කණ්ඩායමේ නායිකාව ලෙස පාසැලට කීර්තියක් අත්පත් කරදුන් ඒ පාසැලේ ආදි ශිෂ්‍යාවක් වීමයි. තමන් ආ මඟ දහසක් දරුවන් වෙනුවෙන් හරවත් දේශනයක් කරමින්, තමන් ආ ගමන් මඟ සිහිපත් කරමින් ආදර්ශමත් දේශනයක් දරුවන් වෙනුවෙන් පැයක පමණ කාලයක් ඉදිරිපත් කල ඇය,  කෘතගුණ සැලකීමක් ලෙසින්,එදා  පාසැලේ විදුහල්පති,තුමා,ඇතුලු ආචාර්ය මණ්ඩලය ගෞරවයෙන් සිහිපත් කරමින්, අද පාසැල වෙනුවෙන් මහත් කැපකිරීමක් කරන විදුහල් පතිනිය ඇතුලු ගුරු මණ්ඩලයට ස්තූති කරේ අද පාසැලේ එදාටත් වඩා ඉහල මට්ටමකට ගෙන ඒමට ඔවුන් දරනා මහන්සිය,  කැපවීම සිහිපත් කරමිනි. ඉතාමත් දක්ශ දරුවන් රැසක් එම පාසලේ සිටිනා බව දුටුවේ ඔවුන්ගේ නිර්මාණ කුසලතාවයන් එදා වේදිකාවේ ඉදිරිපත් කල අපුරු ශාස්ත්‍රීය සහ නිර්මාණ අංග තුලිණි.ඉතා දක්ෂ ගුරු භවතුන් සිටින බව දරුවන්ගේ ඉදිරිපත්,කිරීම්,තුලින් දැකිය හැකිවිය.තමා උගත් පැසැල,වෙනුවෙන් උත්සව පැවැත්වෙන ශාලාවට පුටු සීයක් පරිත්‍යාග කලේ ඉතාමත් සතුටිනි. ඒ අතරම දරුවන්ට අවශ්‍ය කරන මේකප් උපකරන ලබන සතියේ,නුදුරු දිනයක පාසැල,වෙත ලබා දීමට සුදානම් කර ඇත.


ඇය දැනට මැලේසියාවේ සිය පවුල සමඟින් ජීවත්වන අතර, පුරා වසර 35ක් එහි බ්රික්ෆීල්ඩ් විහාරස්ථානයේ ශාසන අභිවෘද්ධි වර්ධන සමිතියේ සිංහල සංස්කෘතික කණ්ඩායමේ උපදේශිකාව ලෙසින් එහි දරුවන්ට නර්තනය සහ සිංහල භාෂාව සෑම ඉරිදා දිනයකම නොමිලේ උගන්වයි. ඇය,ජාතික තරුණ සේවා සභාවේ හිටපු සහකාර තරුණ සේවා නිලධාරිනියක සහ බෙල්වුඩ් රුපවාහිනි ගම්මානයේ හිටපු නර්තන උපදේශිකාවයි.