අහන්න...........
හන්තානට ඇහෙනවද?......
සිනමාමය කඳු මුදුන් සිසාරා හමා එන ඒ නල මුදු සුවඳ හන්තානෙන් එහාට ලෝකයටම ඇසෙන දවසක් ඉඳින් සපැමිණේවි......
නොවරදවාම සපැමිණේවි.......
ෂර්ලි. පී දෙලංකාවල ......ශ්‍රි ලාංකික ටෙලිනාට්‍ය කලාව තුළ ස්ව අනන්‍ය ස්වර්ණවත් මුද්‍රාවක් සනිටුහන් කළ ඔබේ සිනමාමය සපැමිණීම නිසැකයෙන්ම ශ්‍රි ලාංකික සිනමාමය පුස්තකයේ නව වර්ණවත් පරිච්ඡේදයක්ම වේවි.......
කලාවේ නෙක නිම්න හා යා වූ ඔබට අයිති අතීතයම සාක්ෂියක් නොවේද ඒ වෙනුවෙන්......
හුදෙක් තාක්ෂණික සමුච්චිතකරණයකින් ඔබ්බට මානවවාදී සෞන්දර්යක චමත්කාරවත් නිල්ලක ඉතින් මේ දවස්වල ෂර්ලි ආදරයෙන් සිනමාමය අකුරු ලියමින් හිඳියි.......
ඉතින් ස්නේහසාර සිනමාමය ආදරවේදයක ඒ අක්ෂර සමුදාය රස සාර හිතුවිල්ලෙන් ඉඹින්නට අපි පෙරමං බලා හිඳිමු.
(Watersedge හි පැවති හන්තානට ඇහෙනවද චිත්‍රපටයේ මුහුරත් මතකය -විශේෂ ස්තූතිය ෂර්ලිගේ ආදරණීයම බිරිඳ චම්පාට)





























Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
