
රුවනි රඹුක්වැල්ලේ මහත්මිය සහ ඇයගේ සිසුන්ගේ, Butterflies Are Free (බටර්ෆ්ලයිස් ආ ෆ්‍රී) සිතුවම් දැක්ම, මෙම ඔක්තෝබර් 25 සහ 26 දෙදින කොළඹ 7 ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වෙයි. සීමාවලට කොටුවුණු ලෝකයේ, නිදහසේ එළිදකින නිර්මාණ යන තේමාව ‘බටර්ෆ්ලයිස් ආ ෆ්‍රී’ සිතුවම් දැක්මට පාදක වෙයි. ලොකු කුඩා සිත්තරුන් 40 දෙනකුගේ නිර්මාණ මීට ඇතුළත් වෙයි.
‘සමනලයා වෙනසකට නැතිනම් පරිවර්තනයකට ලක් වන සත්වයෙක්. සමනලුන්ට ලස්සන වෙන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නැහැ. එයාලා සැබැවින්ම ලස්සනයි. නිදහසේ සිදු වන නිර්මාණාත්මක සිතුවම් රැසක් මෙම ප්‍රදර්ශනයේ දී ඔබට දකින්න ලැබේවි’ යැයි රුවනි රඹුක්වැල්ලේ මහත්මිය පැහැදිලි කර ඇත.
ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන අතර එයින් අදහස් වන්නේ කලාව සැමට පොදු දෙයක් යන්න බව ද රඹුක්වැල්ලේ මහත්මිය වැඩිදුරටත් පැහැදිලි කර ඇත. එබැවින් මෙම අපූරු කලා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන්, රුවනි රඹුක්වැල්ලේ මහත්මිය සැමට ඇරැයුම් කර ඇත. බටර්ෆ්ලයිස් ආ ෆ්‍රී යනු සාමාන්‍ය සිතුවම් දැක්මක් නොවන බවත්, එය නිර්මාණ සඳහා කරන දිරි ගැන්වීමක් බවත්, රඹුක්වැල්ලේ මහත්මිය පවසා ඇත.




Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
