ආයෙත් ධර්ම යුද්ධයක් කරන්න සිරස ලෑස්තියි
ධර්ම යුද්ධය -2 චිත්‍රපටයෙන් මිලියන 600 ක් උපයා ශ්‍රි ලාංකික සිනමාවේ වාර්තා රැසක් එක් කළා. මෙතෙක් ශ්‍රි ලාංකික චිත්‍රපටයක් ඉපයූ ඉහළම ආදායම ඇතුළු වාර්තා රැසක් ලියාලූ ධර්ම යුද්ධය දෙකෙන් පසු ධර්ම යුද්ධය 3 වැඩ අරඹුවේ මුහුරත රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පවත්වමින්.
සමාජ මාධ්‍යයේ ලොකු ඉඩකඩක් මේ මුහුරත් උත්සවය වෙනුවෙන් වෙන්කරලා තිබුණා.
"ධර්ම යුද්ධය -1 ප්‍රධාන චරිතය වුණේ හරිස්චන්ද්‍රගෙ චරිතයයි.ඒ චරිතය රඟපෑවේ ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී .එහෙත් ධර්ම යුද්ධය -2 කරන්න සූදානම් වෙද්දී ඔහු මේ ලෝකයේ නෑ .ඉතින් ධර්ම යුද්ධය -2 දී හරිස්චන්ද්‍රගෙ චරිතයට බිමල් ජයකොඩි . බිමල් කියන්නෙත් ඇත්තටම පට්ට නළුවෙක් .ඒ වගේම බිමල් කියන්නෙත් ලාංකික සිනමාවේ තමන්ටම අනන්‍ය වර්ණවත් මුද්‍රාවක් සනිටුහන් කරගත් සුවිසල් රංග ධාරිතාවක් ඇති නළුවෙක්.
ඉතින් ධර්ම යුද්ධය -2 දී හමුවූ බිමල් ජයකොඩි ,දිල්හානි අශෝකමාලා ,කුසුම් රේණු,කුමාර තිරිමාදුර,අශාන් ඩයස් ආදි චරිතවලට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස් ,විරාජ් පෙරේරා ආදි තවත් නළු නිළි පිරිසක්ම ධර්ම යුද්ධය -3 හා එක්වීම සුවිශේෂත්වයක්.
ඉන්දීය සිනමාවට නොමැකෙන මතක එක් කළ දුෂ්මන් 1 සහ 2 ඇසුරින් තමා ලංකාවෙ ධර්ම යුද්ධය එක සහ දෙක නිර්මාණය වුණේ.මේ වෙද්දී ඉන්දියාවේ දුෂ්මන් -3 ත් තිරගත වෙනවා කියලා ඔයා දන්නවනේ.ඉතින් ඒ ඇසුරින් තමයි ධර්ම යුද්ධය -3 නිර්මාණය වෙන්නේ.
ඉන්දියාවේ ධර්ම යුද්ධය -2 චෙන්නායි හි තිරගත වුණේ දවස් 22ක් . චෙන්නායි හි ප්‍රදර්ශනය වූ ඒ දවස් 22ට කෝටි 240 ක් ධර්ම යුද්ධය -2 උපයලා තියෙනවා .ඉන්දියාව තියෙන සිනමා උන්මාදය ගැන ඉතින් කවර කතාද නෙහ්..
ලංකාවෙ ධර්ම යුද්ධය මිලියන 600ක් ඉපයුවා.සිරස සිනමා නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය වූ ධර්ම යුද්ධය ඉපයූ මුදලින් 50% ක් ඔවුන් සිනමා ශාලා සඳහා ලබා දුන් බව තමයි සිරසේ ප්‍රධානියෙකු වූ යසරත් කමල්සිරි කියන්නේ.සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ අයුරින් සිනමා ශාලා සඳහා ඉපයූ ආදායමෙන් 50%ක් ලබා දුන් බවත් ඔහු සඳහන් කළා.
ලාංකික සිනමාවට නවමු වාර්තා රැසක් එක් කළ ධර්ම යුද්ධය -2 ච්ත්‍රපටය වැඩිම ආදායමක් ඉපයූ ලාංකික චිත්‍රපටය ලෙසත් ඉතිහාසයට එක් වෙනවා.
ඉතින් ධර්ම යුද්ධය -3 මුහුරත් උළෙල සිරස රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ දී තමයි පැවැත්වුණේ . "
ධර්ම යුද්ධය -3 වෙනුවෙන් සාරවිට අපේ සුබ පැතුම්

















