Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි

  • 17-07-2026

ආකාෂ් සුනෙත්කුමාරගේ කුළුදුල් අධ්‍යක්ෂණය සහ ප්‍රථම වෘතාන්ත සිනමාපටය වන, "Snowbirds" චිත්‍රපටයේ මුහුරත් උළෙල අද (ජුලි 16) තලවතුගොඩ Grand Monarch හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා. 

'Snowbirds' කියන්නේ ක්‍රියාදාම සහ ත්‍රාසජනක (action-thriller) චිත්‍රපටයක්.

'Snowbirds' අධ්‍යක්ෂණය කරන්නේ ආකාෂ් සුනෙත්කුමාර. අකාෂ් කියන්නේ ශ්‍රී ලාංකික සිනමා ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන යාමට වෙහෙසෙන ප්‍රමුඛ පෙළේ තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරපිටපත් රචකයෙක් සහ නළුවෙක්.

"Snowbirds" චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන්නේ ඩිනාරා පුංචිහේවා, මිහිරාජ් නානායක්කාර, අශාන් ධනංජය සහ ධනුෂ්ක ප්‍රේමකුමාරයි.

එමෙන්ම ලක්ෂ්මන් මෙන්ඩිස්, හේමාල් රණසිංහ, සම්පත් ජයවීර, බියංක අමරසිංහ, යුරේනි නොෂිකා, ගයානි මලුද්දෙනිය, අශේන්ද්‍ර ප්‍රනාන්දු, ශ්‍රියන්ත මෙන්ඩිස්, මලින්ත ප්‍රවීන්, බ්‍රැන්ඩන් නලවංශ, සංජීව උපේන්ද්‍ර, පසන් රණවීර, රොෂ්නි ද බොන්ඩ්, බන්දුක ප්‍රේමවර්ධන, අෂිනි මල්ලිකාරච්චි, දුල්මි අකුරැස්ස, විමුක්ති කිරිඇල්ල, හර්ෂිකා රත්නායක, රැන්ඩි සෙනෙවිරත්න මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් එක් වනවා.

"Snowbirds" හි කැමරා අධ්‍යක්ෂණය කසුන් රත්නසිරි. සහාය අධ්‍යක්ෂණය බුද්ධිමා මලේපතිරණ. ඇඳුම් නිර්මාණය රැෆෙල්ලා ප්‍රනාන්දු, සංගීත අධ්‍යක්ෂණය Ruud Hermans. අංග රචනය මධුෂංක නුවන්, කලා අධ්‍යක්ෂණය විදුල දිස්සක සහ පසන් දිනිඳු, සංස්කරණය ආකාෂ් සුනෙත්කුමාර සහ නිෂ්පාදන කළමනාකරු දේවින්ද පෙරේරා. 

"Snowbirds" ලාංකේය සිනමාවට නගන්නේ, මින් පෙර තාල සහ මායාබෝංචි චිත්‍රපටය නිෂ්පාදනය කළ නිලාන් වීරසිංහ.