The Tenth Derana Lux Film Awards -2025 සම්මානනීය තරු රාත්‍රියක්!

  • 22-09-2025
  • Views 124

නෙළුම් පොකුණ තරු වලින් දිලිසිණු වර්ණවත් රාත්‍රියක් නිමා වුණා.ඒත් ඒ මතක තාමත් තරු අහසෙ දිලිසෙනවා. දෙරණට විසි වසරක් සපිරෙද්දී The Tenth Derana Lux Film Awards -2025  තරු ඇගයූ සම්මාන රාත්‍රියේදී  නෙළුම් පොකුණ තරු පොකුණක් වුණා.

ඒ සම්මාන රාත්‍රියේ වැඩියෙන්ම නම ඇහුණු චිත්‍රපටය තමා චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ දුස්රා  චිත්‍රපටය .සම්මාන 13 කට නිර්දේශ වූ දුස්රා සම්මාන 9ක් දිනාගත්තෙ wow ....wow කියලා අපිට හිතෙද්දි . දූස්රා නිෂ්පාදන වගකීම දෙවුර දරාගත් ලක්ෂාන් අබේනායක කියන ප්‍රංශයේ ඉන්න අති දක්ෂ වෘත්තීය නළුවා ප්‍රංශයේ ඉඳන් ලංකාවට ආවෙ මේ සම්මාන උළෙල නිසාමයි..මේ සැරේ අලුත් සම්මානයකුත්  මේ සම්මාන රාත්‍රියට එක් වෙලා තිබුණා .ඒ Best color Grading සම්මානය....හොඳම නළුවා හේමාල් රණසිංහ ,හොඳම නිළිය රශි ප්‍රභා , ජනප්‍රියම නිළිය නෙත්මි රොෂෙල් , හොඳම නැගී එන නළුවා මේඝ සූරියාආරච්චි ,  හොඳම සහාය නිළිය දිනක්ෂි ප්‍රියසාද්  මේ මේ විදිහට හුගාක් අය අතරෙ සම්මාන බෙදිලා ගියා.....සම්මාන ගත්ත හැම මූණකම උතුරන සතුට..සම්මාන නොලැබුණු මූණවලත්  හීන හා බලාපොරොත්තු.....ඉතින් නොවැරදීම ඒ හීන හා බලාපොරොත්තුවලටත් දවසක අත් තටු ඒවි......ඉතින් නිර්දේශ නාමකරණයේ රැඳුණු ඒ වගේම සම්මාන දිනාගත්තු තිරයෙන් එහා සහ මෙහා හැම කෙනෙක්ට ම සාරවිට අපේ සුබ පැතුම්