අධිමාත්‍රාවෙන් ප්‍රේක්ෂකාගාරයම මත් කළ ලයිසියම් දරුවන්ගේ මාත්‍රා -2026

  • 01-09-2026

සංගීතයේත් ගීතයේත් නර්තනයේත් රස එකම වේදිකාවක් මත සුසංයෝග කරමින් ප්‍රසංශනීය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ලයිසියම් දූ දරුවන් විසින් 15 වැනි වතාවටත්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  දරුවන් 750කගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කළ මාත්‍රා -2026 ප්‍රසංගය අති සාර්ථක ලෙස අවසන් වුණා.
ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු ප්‍රමුඛ ලයිසියම් කළමනාකාරීත්වයත් නර්තන පුහුණු කිරීමේ කර්තව්‍යයේ වගකීම දෙවුර දරාගත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්ය රසික කොතලාවල ඇතුළු පිරිසකගේ සංකල්පනාත්මක මෙහෙවර සහ ශ්‍රමයට සැබැවින්ම මේ සාර්ථකත්වය වෙනුවෙන් ස්තූතියේ මල් මිටක් පිළිගැන්විය යුතුමයි