නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමය නවසීලන්තයම වෙසක් අසිරියෙන් නහවයි

  • 27-05-2026

ජාති ,ආගම් ,පන්ති ,කුල භේදයකින් වියුක්තව ලෝකයක්ම සනසාලූ.....ලෝකයක්ම සනසාලන විමුක්තිදායකයාණන් වූ බුදු රජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිණිවන්පෑම යන තෙමඟුල භක්ත්‍යාදරයෙන් සිහිපත් කරමින් සමරන වෙසක් මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ හුඟාක් රටවල පින්කම් රැසක් පැවැත්වෙනවා.

නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමය විහාරස්ථානය කේන්ද්‍රීයවද වෙසක් සතිය මුළුල්ලේ පින්කම් රැසක් සංවිධානය වුණා.

ශ්‍රී ලංකාරාමයේ ශ්‍රී මිහිඳු දහම් පාසල සෙවණේ සාර සිප් සොයා සපැමිණෙන දරුවන් වෙනුවෙන් ශීල භාවනා වැඩසතනක් ඉකුත් දිනෙක පැවැත්වුණා.
ඇත්තටම 2026  අසිරිමත් වෙසක් සතියේ ආරම්භය ශ්‍රී ලංකාරාම විහාරස්ථානය සනිටුහන් කළේ හරිම භක්ත්‍යාදරයෙන් .ඒ වෙසක් අර්ථය සංකේතවත් කරමින් බෞද්ධ භාරකාරත්වයේ මෙහෙයවීමෙන් සහ සීල භාවනා වැඩසටහනේ දායක පිරිස විසින් සංවිධානය කළ තෙසැත්තෑ බුද්ධ ඥාන පූජාව සහ දර්ශනීය තොරණ විවෘත කිරීමෙන්.
දන්සැල් ඇතුළුව තවත් බොහෝ පින්සාර පුද පූජාවන් නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමය සෙවණෙහි පැවැත්වෙද්දී දර්ශනීය තොරණ ගැන මට ඔබට මෙසේ කියන්නට සිත්වෙයි.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ශ්‍රී ලංකාරාමයේ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 'පටාචාරා කථා වස්තුව' ඇසුරින් නිර්මාණය කළ දර්ශනීය වෙසක් තොරණකි. පිටරටක ජීවත් වුණත් අපේකම නොනසා මෙවැනි අලංකාර වෙසක් තොරණක් දැකබලා ගන්නට ලැබීමත් ලොකු පිනක්.

​මැයි 31 ඉරිදා තෙක්

දිනපතා ප.ව. 6:30 සිට රාත්‍රී 9:30 දක්වා

ශ්‍රී ලංකාරාම විහාරස්ථාන භූමියේදී (Otahuhu, Auckland)

තොරණේ පූර්ණ බැතිබර දායකත්වය: පැට්‍රික් රොහාන් ද සිල්වා මහතා විසිනි.

​විහාරාධිපති පූජ්‍ය වල්ගම මුනින්දවංශ නාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයටත්, නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරත්වයටත් මෙම පින් අනුමෝදන් වේවා!

පින් සිතින් 
තුටු සිතින්
බැති සිතින්
නමස්කාරපූර්ව වන්දනීය සිතුවිල්ලෙන් නවසීලන්තයේ වෙසෙන ඔබත් ඉතින් ශ්‍රී ලංකාරාම පුදබිමට සපැමිණ වෙසක් අසිරිය විඳිනු මැන.

(තොරතුරු උපුටා ගැනීම : :Sri Lankan events in New Zealand  Facebook පිටුවෙන් )