පරිසරයට ආදරයෙන්ම ආදරය කරන මිනිසුන්ගේ හමුවක්
ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක........
තුරු අගිසි සරසන ළදල්ලේ සිට හෙට මලක් වී පූදිනු පිණිස අද පෙර මඟ බලා හිඳින පොහොට්ටුව දක්වාත් මහ පොළොව මත ස්නේහයෙන් වැතිරුණු දූවිල්ලේ සිට අහසින් ඇද හැලෙන වැහි බිඳුව දක්වාත් අහස පොළොව අතර සියල්ලට සියැටල් න්‍යායෙන් ප්‍රේමණීය විය හැකිනම් .......
එහෙත් ලෝකය හරිත පැහැයෙන් වර්ණිත යායක් නොවී වරෙක අදහාගත නොහැකි දෑ මානව සංහතිය වෙත තිළිණ කරලයි........
1866 වර්ෂයේ ජූනි 7 වැනිදා තම හුස්මට සමුදුන් සියැටල් 1854 වර්ෂයේ දී එළි දැක්වූ සියැටල් ප්‍රකාශය අදටත් පොළොවේ සදාතනිකත්වයට ආදරය කළ මිහිමඬලේ ඕවිල්ලේ නැලැවුණු අතීත මතක මිනිස් වගකගේ සදාතනික මුද්‍රාවක් .....
ඉතින් ඇයි මම ඒ අතීත මාවන් දිගේ ඔයාව කැටුව ගියේ...
දකුණු ආසියානු දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකා ශාඛාව දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සහ මාධ්‍යකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග යන මැයෙන් සම්මන්ත්‍රණය පැවැත්වෙද්දී මගේ හිත කාල මං දිගේ යාත්‍රා කළේ ඇයි මෙහෙම වුණේ කියලා හේතු හොයාගෙනෙ.
ඔස්ට්‍රේලියානු මෙල්බර්න් සරසවියේ මහාචාර්ය සමන් සෙනේවීරගේ රස සාර අර්ථ පූර්ණ දෙසුමෙන් සහ මහාචාර්ය සිරිල් විජේසුන්දර ,ආචාර්ය අජිත් ගුණවර්ධන ,නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු විෂය සංවේදී විද්වතුන් රැසකගේ දැනුමින් සන්නද්ධ වූ සංවාද මණ්ඩපයකින් සංයුක්ත වූ මෙම සම්මන්ත්‍රණයේ සංවිධාන සහයෝගිත්වය වෙනුවෙන් දකුණු ආසියානු දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති ඩේලිමිරර් පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කුරුළු කූජන කාරියකරවන ඇතුළු සියලු දෙනාටත් ඉතින් බොහෝම ස්තූතියි ...... එමෙන්ම මෙම සම්මන්ත්‍රණය සදහා Dilmah ආයතනය ඇතුළු අනුග්‍රාහය ලබාදුන් සියලු ආයතනවලට ස්තූතිය පුද කරමු.
සුවදායී හෙටක් වෙනුවෙන්, සක්‍රීය මාධ්‍ය මෙහෙවරක සමාරම්භය වෙනුවෙන් සැබැවින්ම ඔබේ මෙහෙවරේ දිගහැරුම ප්‍රසංශනීයයි.





















