රටම වර්ණවත් කළ Youth Spirit Sports Festival -2026
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “Youth Spirit Sports Festival - 2026” ජාතික ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරග සහ සම්මාන ප්රදානෝත්සවය දිවුලපිටිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අදහස් දක්වමින් කියා සිටියේ මෙයයි.
"වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 'පොහොසත් රටක ලස්සන ජීවිතයක්' නිර්මාණය කිරීමේදී ක්‍රීඩාව යනු අතිශය වැදගත් සාධකයක්. ජාති, ආගම් හෝ ප්‍රාදේශීය වශයෙන් බෙදී වෙන්ව සිටි අඳුරු යුගය නිමා කරමින්, උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර යන සිව්දෙසින්ම පැමිණි තරුණ දරුවන් අද එකම ක්‍රීඩා පිටියක සහයෝගයෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණක්. ජාතික තලයට යාමට අවස්ථාව නොලැබෙන ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට මෙවැනි තරගාවලි විශාල පිටිවහලක් වෙනවා. ක්‍රීඩාවේ ජීවගුණය සහ විනය සමාජය තුළ යළි ස්ථාපිත කරමින්, ඉදිරියේදී මීටත් වඩා ඉහළ පහසුකම් යටතේ මෙවැනි තරගාවලි සංවිධානය කිරීමට අප කටයුතු කරනවා," .
මෙම අවස්ථාවට එක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තරුණ පරපුරට රට තුළම සතුටුදායක අනාගතයක් නිර්මාණය කර දීම රජයේ ප්රමුඛ අරමුණක් බවත්, හුදු වෘත්තීය පුහුණුවට එහා ගිය මානුෂීය ගුණධර්ම සහ සහකම්පනය (Empathy) සහිත තරුණ පරපුරක් නිර්මාණය කිරීම වැදගත් බවත්ය .
ගතවූ කාලය තුළ තරුණ විරැකියාව සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කිරීමට හැකි වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සංචාරක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඔස්සේ මෙන්ම පෞද්ගලික ආයතන හා එක්ව නව රැකියා අවස්ථා නිර්මාණය කර දීමට කටයුතු කරමින් සිටින බවද පැවසුවා. තරුණ නායකත්ව සංවර්ධනය උදෙසා විධිමත් පුහුණු වැඩසටහන් හඳුන්වා දීමටත්, ක්‍රීඩාව සහ කලාව තුළින් මනස නිදහස් කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවන නව පරපුරක් බිහි කිරීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා .

මීට අමතරව තරුණ නිර්මාණකරුවන් උදෙසා ක්‍රියාත්මක "සිහිනයට පියාපත්" වැඩසටහන සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ජාතික තරුණ පර්යේෂණ සමුළුව පිළිබඳව ද හෙතෙම මෙහිදී කරුණු ගෙනහැර දැක්වූවා
. අද වන විට සෑම පළාතකටම ජයග්‍රහණ හිමිවී ඇති බවත්, ග්‍රාමීය තරුණ තරුණියන් ජාත්‍යන්තර තලයට යොමුවෙමින් සිටින බවත් පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය උණුසුම් සුබපැතුම් එක් කළා .
මෙවර ක්‍රීඩා උළෙලේදී දුනු විදීම, වායු රයිෆල්, නෙට්බෝල්, කබඩි සහ වොලිබෝල් යන ඉසව් රැසක් පැවැත්වුණු අතර, එම තරගවල ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමීම මෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ පුහුණු උපදේශකවරුන් ඇගයීම ද මෙහිදී සිදු කළා. තරගාවලියේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් වාර්තා වූ අතර, සමස්ත පළාත් අනුශූරතාවය උතුරු පළාත විසින් හිමි කරගන්නා ලද අතර සමස්ත පළාත් ශූරතාවය වයඹ පළාත විසින් හිමි කරගත්තා. පිරිමි වොලිබෝල් ශූරතාවය වයඹ පළාත විසින් ජයග්‍රහණය කළ අතර අනුශූරතාවය උතුරු පළාත විසින් දිනාගන්නා . කාන්තා වොලිබෝල් තරගයේදී සබරගමුව පළාත ශූරතාවය දිනාගත් අතර මධ්‍යම පළාතට එහි අනුශූරතාවය හිමි වුණා.
එසේම, නෙට්බෝල් ශූරතාවය ඌව පළාත විසින් හිමිකර ගත් අතර එහි අනුශූරතාවය වයඹ පළාතට හිමි වුණා.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක අධ්යක්ෂ ගාමිණී වික්රමපාල, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න, දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ජානක වික්‍රමතිලක, කටාන ප්‍රාදේශීය සභා සභාපතිනිය නිශාණි ඉරේෂා ජයකොඩි, ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ජයකොඩි, කොටදෙණියාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ, අතිරේක අධ්යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, අතිරේක අධ්යක්ෂ (පාලන හා මූල්‍ය) නීතිඥ නිශාන්ත පුෂ්පකුමාර, සහකාර අධ්යක්ෂ(සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන, සහකාර අධ්යක්ෂ(මෙහෙයුම්) ටෙක්ලා රණසිංහ, සහකාර අධ්යක්ෂ(පුහුණු) දේශානි ගොඩගම යන සම්භාවනීයන් මෙන්ම Barista, Swiss Hotel Management, VT, TVEC යන ආයතනවල නිලධාරී ද , පළාත් අධ්යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, ජාතික යොවුන් සේනාංක මූලස්ථාන මධ්‍යස්ථාන කාර්යමණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙම ප්‍රවෘත්තිය ඔබගේ මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය කර, අපේ රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාතික තලයට ගෙන යාමට සහාය වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.



















