සංවාද මණ්ඩප නාට්‍ය යනු විවිධ මාතෘකා ගැන ජනතාව දැනුවත් කිරීමට යොදා ගන්නා එක් ක්‍රමයකි.
මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායම ද එලෙස ජනතාව දැනුවත් කරීමට පෙරමුණ ගෙන කටයුතු කරයි .
ශක්ති කණ්ඩායම මුල් තැන දෙන්නේ කාන්තා හිංසනයට එරෙහිව සමාජ කතිකාවතක් ගොඩනැගීම සඳහාය.
මාතර කාන්තා පිහිට ආයතනයේ මගපෙන්වීනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සංවාද මණ්ඩප නාට්‍ය රඟ දක්වා ඇත. නලින්ද ප්‍රේමරත්න සහ ජෝන් මාර්ටින් මහත්වරු යටතේ ශක්ති සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ පුහුණුව ලැබූහ.
ශක්ති කණ්ඩාටම රංගන ශිල්පීන් 12 කින් සමන්විතයි. සංජීවන් ගුනතිලක, ප්‍රශීත් මධුශංක, බුද්ධික වීරසිංහ, පසිදු චමේෂ්, නිමන්ත සජිත්, සජිත් දිල්නුවන්, රුවන්තිකා උදානි, නිකිනි තාරුකා, දුලංජලී විරාජිතා, මනෝජි මධුෂිකා, ඩිනාලි අහිංසා, තිලිනි තිසාරා එහි සාමාජිකයෝ වෙති.
මෙම නාට්‍ය සංදර්ශනහි විශේෂත්වය වන්නේ නාට්‍ය දෙවතාවක් රඟ දැක්වීම සහ පළමු දර්ශනයේ ඇතුලත් අංගයකට යම් ප්‍රේක්ෂකයකු අකමැතිනම් එය වෙනස් කිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට හිමි වීමයි.
ප්‍රශීත් - 071 690 65 75 සංජීවන් - 071 340 76 23
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026


