BARNHOUSE STUDIO



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-162

Barn කියන්නේ සිංහල ඌරුවට අටුව නැත්නම් ධාන්‍යාගාරය යැයි හැඳින්විය හැකි වුවද එය ඇමෙරිකානු හෝ යුරෝපා මහද්වීපවලට අනුව වෙනමම සංස්කෘතියක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ධාන්‍යාගාරයක් හෝ සත්ත්ව ගොවිපළක් ඇසුරෙන් ගොඩනැගෙන භාවිතාර්ථයට වඩා යුරෝපා - ඇමෙරිකානු බාන් එකක ශ්‍රමිකයන්ගේ ඇඳුම පැලඳුම එය සකසන අමුද්‍රව්‍ය හා ඒවායේ හැඩරුව ඇසුරින් පවා ඉතිහාසය පුරාවට බාන් සංස්කෘතියක් ගොඩනැගී තිබේ.

2017-12-12-ent-161මේ බාන් සංස්කෘතිකාංගවල ආභාසය මෙරටට හඳුන්වා දෙමින් පරාස කිහිපනයක සක්‍රීය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ උත්සාහයෙන් ගොඩනැගුණු BARNHOUSEStudio මෑත කාලීනව ශ්‍රී ලංකාවේ නිමැවුණු අගනා වාස්තු නිර්මාණයකි. අක්කර 3 ක නිස්කලංක රබර් යායක, තවත් නිර්මාණකරුවන්ට නිර්මාණාවේශය ලබාදෙන නිදහස් ස්ථානයක වූ අවකාශ කිහිපයක් ලෙසින් මෙම BARNHOUSE පරිශ්‍රය හඳුන්වා දිය හැකිය.

මෙය බොහෝවිට ජනප්‍රියත්වයට පත්වන්නේ මංගල ඡායාරූපකරණයට සුදුසු තෝතැන්නක් ලෙසිනි. ඊට මෙහි ඇති උත්සව ශාලාවBARNHOUSE හි මූලික අවකාශයක් වීමත් එහි නිර්මාණ කණ්ඩායමේ ප්‍රමුඛයන් දෙපළක් වන කුෂාන්ත හා ධනුෂ්ක හේවාපතිරණ යන සොයුරන් මෙරට මංගල ඡායාරූපකරණයේ ප්‍රමුඛයන් වීමත් ඊට හේතුවනු ඇත.

ඇත්තෙන්ම BARNHOUSE සමාජගත වීමේදී Bridle Photography/Pre Wedding Photo Shoot සඳහා ඡායාරූප ශිල්පීන්ට හා මනාල යුවළ සඳහා වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා දීම එහි ප්‍රධාන සේවා හා අවකාශ සැපයුමක් ලෙසද හඳුන්වා දිය හැකිය. නමුත් BARNHOUSE විකිණීමේ අවශ්‍යතාවන් ගොඩනැගීමේ දී සමස්ත කලාකාමී, නිර්මාණකරුවන්ට තම තමන්ගේ නිර්මාණකරණයට සුසැඳී අවකාශයක් ගොඩනැගීමත් මේ හරහා මතුකිරීම මෙහි නිර්මාණකරුවන්ගේ වෑයම වී ඇත.

සමස්ත BARNHOUSEStudio පරිශ්‍රය එහි පැමිණෙන අමුත්තන්ගේ නිර්මාණකරුවන්ගේ රසිකයන්ගේ විවිධ වූ උපයෝගීතා තෘප්තකරනු වස් තැනී ඇත. ප්‍රධාන හා විශාලතම අවකාශය වන උත්සව ශාලාව අමුත්තන් 300 කට පමණ එකවර සංග්‍රහ සත්කාර කළහැකි දැවැන්ත උත්සව ශාලාවකි. පල දෙකේ වහලය සහ එහි අඩු ආතතිය මෙන්ම ලී බාල්ක හා පරාල මගින් තිරස් අතට මවන චිත්‍රණය මෙම උත්සව ශාලාවේ අවකාශීය විශාලත්වයේ දැවැනත්ත බව තීව්‍ර කරයි.

බාන් සංස්කෘතිය මෙම උත්සව ශාලාවට ඇඳා ගනිමින් සාමාන්‍ය උත්සව ශාලාවක මවන අලංකාර මල්, සැරසිලිවලින් මිදී වියළි පිදුරු හා වියළි මල්කම් මෙම උත්සව ශාලාවේ අලංකරණ විධි සඳහා භාවිත කිරීම මෙම සමස්ත නිර්මාණ සංකල්පය සමග ඒකාත්මිකතාව මැවීමේ උත්සාහයක් ලෙස පෙනී යයි. උත්සව ශාලාවට අමතරව Chalet ගණයේ කාමර තුනක් අවන්හලක් ශබ්දාගාරයක්, ස්ථාපන හෝ ප්‍රතිබිම්බ කලා (Sculpture & Image Arts) නිර්මාණකරණ කටයුතු සඳහා වෙන්වූ ස්ටුඩියෝවක් මේ සමස්ත පරිශ්‍රය තුළ විසිරී පැතිරී තිබේ.

බාන් සංස්කෘතියේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය ලී සඳහා මෙහිදී භාවිත කර ඇත්තේ නැව්වල භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා පැලට් පෙට්ටි වීම මෙය වාස්තු නිර්මාණයක් ලෙස ඇගයීම් මූලික සාධනීය ලක්ෂණයක් වේ. ඉවත් කළ පැලට් පෙට්ටිවල පයින් ලී වලින් මෙම සමස්ත දැවමුවා ගොඩනැගිලි සහ ගෘහ භාණ්ඩද නිර්මාණය වීමද අපූර්ව අත්දැකීමකි. තිරසාර වාස්තු සංකල්පය වඩා නිර්මාණශිලීව අයුරින් මෙහිදී භාවිත වීම තවත් අගය කළ යුතු තත්ත්වයකට පත්වන්නේ මේ ඕනෑම ගොඩනැගිල්ලක ඕනෑම කොටසක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉතා ඉක්මනින් වෙනස් කරගත හැකි සරල වැද්දුම් ක්‍රම මගින් නිමවීමයි.

නිදන කාමර හෙවත් Chaletතැන මැක්සිම් ගෝර්කි, චිංගිස් අයිත්මතිව්, නිකොලායි ඔස්ට්‍රොව්ස්කි යන විප්ලවීය ලේඛකයන් තිදෙනා නමින් වෙන්කිරීම BARNHOUSE නිර්මාණකරුවන් හඳුන්වන්නේ ඔවුන්ගෙන් ලැබූ ආදර්ශය හා පුනර්ජීවය මෙරට තුළ විප්ලවීය වාස්තු නිර්මාණයක් කිරීමට මූලබීජ සැපයීම සිහිගන්වනු වස් සංකේතවත් කළ සාධකයක් ලෙසිනි.

මෙහි අවන්හලේදී හමුවන්නේ ෆ්‍රයිඩ් රයිස් හෝ ඩෙවල් චිකන් වැනි ආහාර පාන නොවේ. ඒ වෙනුවට ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත ලුණු, ගම්මිරිස් අතගාලා ගැඹුරු තෙලේ බැදපු කොරළි මාළු, බොරේට උයපු කරවල සමග පොල් සම්බෝල වගේ ව්‍යංජන එක්ක රෝස් පාන්, මඤ්ඤෝක්කා, කුරක්කන් පිට්ටු මෙහි මුද්‍රාව සනිටුහන් කරයි. මෙවැනි සාධකද BARNHOUSEStudio හි වාස්තුව විද්‍යාව භාවිතාවේ සංකල්පීය හා සංස්කෘතික ලක්‍ෂණ දේශීය අනන්‍යතාවයකට නතු කිරීමේ විභේදනයන් ලෙස දැක්විය හැකිය.

මාස 8 ක පමණ ඉතා කෙටිකාලයකින් ඉදිකිරීම් නිමකළ මෙහි පළමු අදියර සඳහා සමස්ත වශයෙන් රුපියල් මිලියන 80කට ආසන්න පිරිවැයක් දරන්නට සිදුව ඇත. එහිදි මෙය පමු වරට මෙරට කළ අත්හදා බැලීම් තත්ත්වයේ කාර්ය භාරයක් වීමත් ප්‍රවීණ වඩු කාර්මිකයන් වෙනුවට ආධුනික ශ්‍රමිකයන් යොදා ශ්‍රම විභජනය ඇසුරෙන් පර්යේෂණාත්මක මට්ටමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එවන් කෙටිකාලයකදී මෙම නිර්මාණය නිම කිරීම පැසසිය යුතුය.

මේ වනවිට රු. 30,000/- (FB), රු. 23,000/- (HB), රු. 15,000/- (BB) Chalet වෙන් කරවා ගත හැකි අතර, විනෝදකාමීව දවසක් ගත කර ඒමට (Spend the day) එක් අයෙකුට රු. 22,000/- කට පහසුකම් සපයා ඇත. Archery, Air Rifle Boat rides වැනි එළිමහන් ක්‍රීඩාද Pottery, Paintings වැනි නිදහස්කාමී ක්‍රියාකාරකම්ද BARNHOUSEStudio වෙතින් එහි එන අමුත්තන්ට අත්විඳගැනීමට අවකාශය උදාකරදී ඇත.

 

Text & Photography  

  • MalakaWeligodapola

BARNHOUSETeam

  • KushanthaHewapathirana
  • AjithPerera
  • DhanushkaHewapathirana
  • YashodaPerera
  • ChamaraChandradasa

Location

  • Panadura

Contact Details

  • 077-2604215/ 077-1233934
  •  

www.barnhouse.lk

www.barnhousestudio.com

 

  2017-12-12-ent-160 2017-12-12-ent-159 2017-12-12-ent-158 2017-12-12-ent-157 2017-12-12-ent-156 2017-12-12-ent-155