coco verendaට විශේෂිත වූ ifthar specials



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-114

කොළඹ අවට තිබෙන ජනප්‍රියතම අවන්හල් නාමයක් තමයි coco verenda කියන්නේ. coco verendaහි අවන්හල් ත්‍රිත්වයක් කොළඹ නගරය අවට තිබෙනවා. මේ දිනවල coco verendaහි තිබෙන විශේෂිතම ආහාරවේල තමයි ifthar specials කියන්නේ. ඉතින් ifthar specials ආහාරවේල ගැන කතා කරන්න අපි coco verenda අවන්හලට ගියා.

coco verenda කියන්නේ සම්පූර්ණයෙන්ම කෝපි, කොකෝවා තේමා කරගත් අවන්හල් ජාලයක්. නාවල, වෝඩ් ප්ලේස් සහ කොළඹ 03 යන කොළඹ ආශ්‍රිත ප්‍රදේශ තුනක coco verenda අවන්හල් තුනක් තිබෙනවා. coco verendaහි බාහිර ස්වරූපයත් චොක්ලට් සහ කෝපි පාටටම නිර්මාණය කර තිබීම මෙතැනට පැමිණෙන පාරිභෝගිකයන්ගේ සිත්ගන්නා සුළු දෙයක් වෙලා තිබෙනවා. නගරාශ්‍රිතව තිබෙන අවන්හල් අතුරින් නිහඬත්වය තිබෙන අවන්හලක් තමයි coco verenda කියන්නේ. coco verenda නාමය ජනප්‍රිය වී තිබෙන්නේ කොකෝවා මූලික වූ කෑමබීම වලටයි. නමුත් මේ දිනවල මෙහි විශේෂිත ආහාරවේල වන ifthar menu එක කොකෝවාවලින් මදක් බැහැර වී තිබෙන දෙයක්. මුලින් කිව්වා වගේ මේ දිනවල coco verendaහි තිබෙන විශේෂිතම ආහාරවේල ගැන දැන් කතා කරමු. මේක නමින් ifthar specials. ifthar menu එක ආරම්භ වන්නේ කන්ජි සුප් එකකින්. ඊටපස්සේ big frendly burger, Spaghetti bolognaise හෝ mutton stir fry යන තුනෙන් කැමැති දෙයක් ප්‍රධාන ආහාරයක් ලෙස ඔබට තොරාගැනීමට හැකියි. ඉන්පසු faluda, mixed berry smoothie එකක් හෝ psychedelic sunset කියන තුනෙන් කැමති දෙයක් ගෙන පානය කරන්න පුළුවන්. ifthar ආහාරවේල අවසන් කිරීම සඳහා cappuccino හෝ tea හෝ රට ඉඳි කිහිපයකින්.

සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවලින් වෙනස්ම ආහාරයක් ලෙස ifthar menu එක හඳුන්වා දෙන්න පුළුවන්. එකිනෙකට වෙනස් ආහාර පානයන් රැසක් ‍ifthar menu එකට ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් මේ ifthar ආහාරවේල ඔබට අපූරු අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි අපි සිතනවා. ඒ වගේම coco verendaහි කාර්ය මණ්ඩලය පැමිණෙන පාරිභෝගිකයන් සැමට ඉතා සුහදව තම සේවාවන් ඉටු කර දෙන බව කියන්න ඕනේම කාරණාවක්.

 

කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

2019-05-13-ent-111 2019-05-13-ent-112 2019-05-13-ent-113  2019-05-13-ent-115 2019-05-13-ent-116 2019-05-13-ent-117 2019-05-13-ent-118 2019-05-13-ent-119 2019-05-13-ent-120 2019-05-13-ent-121 2019-05-13-ent-122 2019-05-13-ent-123