Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Breaking Gossip
Life Styles
Celebrity Gossip
Movie Buzz
Trailers
Interviews
Visual stories
Home
Inspiration
අන්නාසි වත්තක් මැද රාත්‍රියකට 'The Pineapple Villa'
අන්නාසි වත්තක් මැද රාත්‍රියකට 'The Pineapple Villa'
05-05-2019
අන්නාසි වත්තක් මැද රාත්‍රියක් ගත කිරීමට සිතුනොත් ඔබට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් තැනක් ගැනයි අද කියන්න යන්නේ.
'
The Pineapple Villa'
පිහිටා තිබෙන්නේ ගම්පහ වතුරුගම ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක් තුළයි. ඒ වගේම මෙය පිහිටා තිබෙන්නේ අන්නාසි වතු යායක් ආසන්නයේයි. මෙහි නිවාඩුවක් ගත කරන්නට එන සංචාරකයින් මෙහි තිබෙන නිස්කලංක බවට ඉතාමත් කැමති බව තමයි මෙහි කලමනාකරු අර්නස්ට් මහතා පවසන්නේ.
ඉතා පැරණි බංගලාවක අසිරි පෙන්වන මෙම නිකේතනය කාමර තුනකින් සමන්විතයි. සෑම කාමරයක්ම වායු සමීකරණය කර තිබෙනවා. ඒ වගේම සෑම කාමරයක් තුළම සෝෆාවක්, කුඩා ශීතකරණ යන්ත්‍රයක්, රූපවාහිනි යන්ත්‍රයක්, තේ සාදාගැනීමට උපකරණ කට්ටලයක් ද තිබෙනවා. මෙහි නවාතැන් ගන්නා සංචාරකයන් සඳහා වයිෆයි තාක්ෂණයද ලබා දීමට මෙහි පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
මෙම නිකේතනය පුරාවටම දක්නට ලැබෙන්නේ ඉතා කුඩා විසිතුරු භාණ්ඩ වලින් සරසන ලද, පෞරාණික බව වැඩි වැඩියෙන් ඔප්නංවන දෑයි. එය මෙහි පරිසරයට මෙන්ම නිකේතනයට ගෙන එන්නේ අපූරු අලංකාරයක්. ඒ වගේම නිකේතනයට පිවිසෙන මාර්ගය ද මෙහි පරිසරයට කදිමට ගැලපෙන ලෙස සකස් කර තිබෙනවා.
නිරන්තරයෙන්ම ගස්වැල් වලින් සෙවණ වූ පිහිනුම් තටාකය මෙම නිකේතනයේ තිබෙන සුන්දරත්වය තවත් වැඩි කරනවා. සෑම විටම ඇති නිස්කලංක බව සහ කුරුල්ලන්ගේ හඬට මෙහි පැමිණෙන සංචාරකයින් වශී වන බව නම් නොඅනුමානයි.
එළිමහනේ සහ නිකේතනය තුළ ම ආහාර ගැනීමට හැකි වන අයුරින් මෙම නිකේතනය සකස් කර තිබෙනවා. එළිමහනේ ආහාර ගැනීමට ඇති ස්ථානයේ පැරණි කුස්සියක ගෘහ උපකරණ සහිත දර්ශනයකින් අලංකාර කර තිබෙනවා. ඒ වගේම සවසට කොෆී වැනි දෙයක් පානය කිරීමට සහ සඟරාවන්, පත්තර බැලීමට කුඩා කාමරයක්ද මෙම නිකේතනය තුළ තිබෙනවා.
ඉතා සහනදායී මුදලකට දේශීය ආහාර වේල් සමග දිනක් ගත කිරීමට ඔබට හැකියාව තිබෙනවා. මුදල් ගෙවීමේදී කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාවද
The Pineapple Villa
හි තිබෙනවා. කාර්යබහුල ඔබට කාර්යබහුලත්වයෙන් මිදී තම පවුලේ හිතවතුන් සමග හෝ, තම පෙම්වතිය / පෙම්වතා සමග මතකයේ රැඳෙන නිවාඩුවක් ගත කිරීමට
The Pineapple Villa
මනාවට ගැලපෙන බව කියන්න පුළුවන්.
දුරකතන අංකය - 0112821516
ෆේස්බුක් පිටුව -
The Pineapple Villa
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග
Trending News
1
ආයෙත් තනිකඩ වෙන්න හේතු දෙන්නම හංඟයි
2
එකම පවුලේ පරම්පරා තුනක් රඟපෑ ලංකාවේ පළමු චිත්රපටය ගැන කුෂේන්යා කතා කරයි
3
මේවා ජනක්රීඩා නෙවෙයි !ප්රජනන ක්රීඩා!
4
පැපරාසින්ට දොර ඇරුණු Netflix ට දොර වැසුණු ඉන්දියාවේ රජ මඟුල
5
චරිත් අබේසිංහ සිංදුත් හොරකම් කරලාලු
On Location
ජිගලෝ On Location
23-09-2026
O.I.C ගඩාෆි හැදුන හැටි
03-04-2026
- Sponsored Ad -
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
30-09-2026
ලංකාවෙ ලොකුම දේශපාලන පවුලකට කර ගැහුව නළු මනමාලයා
25-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
21-04-2026
ඇල්ල..ඇඩිෂන්...ලිප්ටන් සීට් පෙනෙන-නොපෙනෙන දුරින් රජ වූ.. ANILAD - BANDARAWELA
19-12-2025
Press ESC to close
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers