Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers
Breaking Gossip
Life Styles
Celebrity Gossip
Movie Buzz
Trailers
Interviews
Visual stories
Home
Inspiration
අන්නාසි වත්තක් මැද රාත්‍රියකට 'The Pineapple Villa'
අන්නාසි වත්තක් මැද රාත්‍රියකට 'The Pineapple Villa'
05-05-2019
Views 4984
අන්නාසි වත්තක් මැද රාත්‍රියක් ගත කිරීමට සිතුනොත් ඔබට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් තැනක් ගැනයි අද කියන්න යන්නේ.
'
The Pineapple Villa'
පිහිටා තිබෙන්නේ ගම්පහ වතුරුගම ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක් තුළයි. ඒ වගේම මෙය පිහිටා තිබෙන්නේ අන්නාසි වතු යායක් ආසන්නයේයි. මෙහි නිවාඩුවක් ගත කරන්නට එන සංචාරකයින් මෙහි තිබෙන නිස්කලංක බවට ඉතාමත් කැමති බව තමයි මෙහි කලමනාකරු අර්නස්ට් මහතා පවසන්නේ.
ඉතා පැරණි බංගලාවක අසිරි පෙන්වන මෙම නිකේතනය කාමර තුනකින් සමන්විතයි. සෑම කාමරයක්ම වායු සමීකරණය කර තිබෙනවා. ඒ වගේම සෑම කාමරයක් තුළම සෝෆාවක්, කුඩා ශීතකරණ යන්ත්‍රයක්, රූපවාහිනි යන්ත්‍රයක්, තේ සාදාගැනීමට උපකරණ කට්ටලයක් ද තිබෙනවා. මෙහි නවාතැන් ගන්නා සංචාරකයන් සඳහා වයිෆයි තාක්ෂණයද ලබා දීමට මෙහි පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
මෙම නිකේතනය පුරාවටම දක්නට ලැබෙන්නේ ඉතා කුඩා විසිතුරු භාණ්ඩ වලින් සරසන ලද, පෞරාණික බව වැඩි වැඩියෙන් ඔප්නංවන දෑයි. එය මෙහි පරිසරයට මෙන්ම නිකේතනයට ගෙන එන්නේ අපූරු අලංකාරයක්. ඒ වගේම නිකේතනයට පිවිසෙන මාර්ගය ද මෙහි පරිසරයට කදිමට ගැලපෙන ලෙස සකස් කර තිබෙනවා.
නිරන්තරයෙන්ම ගස්වැල් වලින් සෙවණ වූ පිහිනුම් තටාකය මෙම නිකේතනයේ තිබෙන සුන්දරත්වය තවත් වැඩි කරනවා. සෑම විටම ඇති නිස්කලංක බව සහ කුරුල්ලන්ගේ හඬට මෙහි පැමිණෙන සංචාරකයින් වශී වන බව නම් නොඅනුමානයි.
එළිමහනේ සහ නිකේතනය තුළ ම ආහාර ගැනීමට හැකි වන අයුරින් මෙම නිකේතනය සකස් කර තිබෙනවා. එළිමහනේ ආහාර ගැනීමට ඇති ස්ථානයේ පැරණි කුස්සියක ගෘහ උපකරණ සහිත දර්ශනයකින් අලංකාර කර තිබෙනවා. ඒ වගේම සවසට කොෆී වැනි දෙයක් පානය කිරීමට සහ සඟරාවන්, පත්තර බැලීමට කුඩා කාමරයක්ද මෙම නිකේතනය තුළ තිබෙනවා.
ඉතා සහනදායී මුදලකට දේශීය ආහාර වේල් සමග දිනක් ගත කිරීමට ඔබට හැකියාව තිබෙනවා. මුදල් ගෙවීමේදී කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාවද
The Pineapple Villa
හි තිබෙනවා. කාර්යබහුල ඔබට කාර්යබහුලත්වයෙන් මිදී තම පවුලේ හිතවතුන් සමග හෝ, තම පෙම්වතිය / පෙම්වතා සමග මතකයේ රැඳෙන නිවාඩුවක් ගත කිරීමට
The Pineapple Villa
මනාවට ගැලපෙන බව කියන්න පුළුවන්.
දුරකතන අංකය - 0112821516
ෆේස්බුක් පිටුව -
The Pineapple Villa
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග
Trending News
1
ඇත්තටම එහෙම පිරිමිත් ලෝකෙ ඉන්නවද ?
2
චිත්‍රපට දෙකක රඟපාන්න මම අද ලංකාවට එනවා......
3
ඊයෙ කොල්ලට සම්මාන දෙකක් ලැබුණා ...අනේ පුතේ කියලා එයා බදාගන්න මම නැති වුණානෙ.
4
වන පස මලින් - දිය ඇල්ලේ පිනි පොදින් ජීවය ලබන සොඳුරු යෞවනිය... ආන්යා
5
කසාදෙට බනින අයට සනත්ගෙන් එළිපිට උත්තර
On Location
මෝඩ තරිඳු Film On Location
24-09-2025
දිව්‍යාද OnLocation
09-01-2023
- Sponsored Ad -
Events
නර්තනයේ ගුරු තරු සපැමිණි රඟමිර - කල එළි මංගල්‍ය
25-11-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
19-11-2025
Travel
එන්න යන්න අපිත් එක්ක ටොරොන්ටෝවේ ගිම්හාන සංචාරකට
27-06-2025
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
05-11-2022
- Sponsored Ad -
Press ESC to close
Home
Videos
Events
Travel & Tourism
On Location
HollyBolly
Movie Trailers