කටුනායකට සුන්දරත්වය ගෙන එන airport resort



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-104

ඔබගේ නිවාඩුව සුන්දර වෙල් යායක් අද්දර පිහිනුම් තටාකයකට මුහුණලා කබානාවක් තුළ ගත කරන්නට ඇත්නම් ඒ ආශ්වාදය ඔබට කිසිදාක අමතක නොවන්නක් වනු ඇත. එවැනි අපූර්වත්වයෙන් යුතු අත්දැකීමක් ලබාගත හැකි නිවාඩු නිකේතනයක් පිළිබඳවයි අද අප ඔබට ගෙන එන්නේ. airport resort නම් මෙම අපූරු නිවාඩු නිකේතනය පිහිටා තිබෙන්නේ කටුනායක ප්‍රදේශයේයි.

කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටේ සිට හෝරා කාලකටත් අඩු වේලාවකින් airport resort වෙත පිවිසීමට හැකියාව පවති. විදෙස් සංචාරකයින් ලංකාවට පැමිණි පසුව සහ ලංකාවෙන් නික්ම යන දිනයන් තුළදී ඔවුන්ගේ මතකයන් තුළට මෙම නිකේතනයද එකතු කිරීමට ඔවුන් පෙළඹ තිබේ. ඒ හෙයින් විදෙස් සංචාරකයින් තුළ ද airport resort යනු ඉතා ජනප්‍රිය නිවාඩු නිකේතනයකි.

airport resort හි ඇති පහසුකම් පිළිබඳව කතා කිරිමේදී දිවා කාලයට හිරු රශ්මියෙන් නැහැවෙන පිහිනුම් තටාකයක මිහිර ඔබට විඳීමට හැකියාව තිබේ. සම්පූර්ණයෙන්ම මෙහි නාවාතැන් කුටි වායු සමීකරණය කර තිබෙන අතර හිරු එළිය සෘජුව මෙම කුටි තුළට ලැබේ. මෙහි කබානා 04ක් ඇතුළු කාමර හතක් තිබේ. තවද මෙහි තිබෙන අවන්හලේ තිබෙන සුවිශේෂීත්වය වන්නේ ඔබට අවශ්‍ය ඕනෑම ආහාරයක් ඉතා ඉක්මනින් සාදා දීමට මෙහි කාර්යමණ්ඩලය සූදානම්ව සිටියි. airport resort හි නිවාඩුව ගත කිරීමට පැමිණෙන ඔබට බැට්මින්ටන් ක්‍රීඩාවෙහි නිරත වීමටද අවස්ථාව සහ පහසුකම් මෙහි තිබෙනු ඇත. ඊට අමතරව විදෙස් සංචාරකයින් පැමිණෙන විට ඔවුන්ව ගුවන්තොටින් රැගෙන ඒමට සහ නැවත ගුවන්තොටට ගොඩ බැස්වීමටද airport resort පාලනාධිකාරිය කටයුතු කරයි.

airport resort සතුව ඇති පැරණි මිලිටරි ජීප් රථයට මෙහි පැමිණෙන සංචාරකයින්ගේ නොමඳ ආකර්ශණය හිමි වේ. එහි නැග නගරය වටා සවාරියක් යෑමටද ඔවුන් අමතක නොකරන බවයි මෙහි පාලනාධිකාරිය පැවසන්නේ. මෙහි කලු ගලින් නිර්මාණය කරන ලද ලිඳක් නිර්මාණය කර ඇති අතර එය මෙම නිකේතනයේ සුන්දර්තවය තව තවත් ඔප මට්ටම් කරනු ඇත. එහි ජලය භාවිත කිරීමටද මෙහි පැමිණෙන ඔබට හැකියාව පවති.

කටුනායක වැනි දියුණු නගරයක් තුළ මෙවැනි සුන්දර පරිසරයකින් යුත්, අප ඉහත පැවසූ සියළු පහසුකම් සහිත නිකේතනයක් සොයා ගැනීමට අපහසුය. එබැවින් සංචාරකයින් මෙන්ම, සතිය පුරාම අධික කාර්යබහුලත්වයෙන් යුත් ඔබට සති අන්තය සහ නිවාඩුව ගත කිරීමට, වෙහෙස නිවා ගැනීමට අපූරුම නිකේතනයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

 

දුරකතන අංකය - 0718840172

වෙබ් - http://www.airportresortsrilanka.com

සටහන - කැළුම් දේවින්ද ඡායාරූප - සුපුන් උදයංග

අයිතිකරු - ඉයුඩ් පෙරේරා

 

2019-08-09-ent-101 2019-08-09-ent-102 2019-08-09-ent-103  2019-08-09-ent-105 2019-08-09-ent-106 2019-08-09-ent-107 2019-08-09-ent-108 2019-08-09-ent-109 2019-08-09-ent-110 2019-08-09-ent-111 2019-08-09-ent-112 2019-08-09-ent-113 2019-08-09-ent-114 2019-08-09-ent-115 2019-08-09-ent-116