කණ්ඩලම පාරේ 'මැංගෝ හෙවන'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-871

සති අන්තයේ කාර්යබහුලත්වයෙන් මිදිලා කොළඹින් මදක් ඈත චාරිකාවක් යන්නට ඇත්නම් කොච්චර දෙයක්ද?. සීගිරිය, දඹුල්ල වගේ සංචාරකයන් වැඩියෙන්ම ගැවසෙන ප්‍රදේශයන්වල සංචාරය කරන්නට ඇත්නම් හිතට කොපමණ සහනයක් දැනෙනවාද?. සීගිරිය, දඹුල්ල වගේ පැත්තක සංචාරය කරද්දි නම් ඒකට එක දවසක් මදි වෙනවා. අවම වශයෙන් දින දෙකක් පමණක්ම ගත වෙනවානේ. එතකොට අපි රෑ නවාතැන් ගන්න තැන් හොයාගන්න ඕනේ. ගොඩක් දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි අතේ තියෙන මුදලට රැයක් නතරවෙන්න හොඳ සැප පහසුකම් තිබෙන තැනක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දඹුල්ල වගේ පැත්තක රැයක් නතර වෙන්න නවාතැනක් හොයනවා නම් ඔයාට මේ ලිපිය අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. අද අපි කියන්න හදන්නේ 'මැංගෝ හෙවන' නවාතැන්පල ගැනයි.2019-05-27-ent-878

දඹුල්ල කණ්ඩලම හෝටලයට යන පාරේ තමයි අද අපි කතා කරන මැංගෝ හෙවන නවාතැන්පල තියෙන්නේ. කණ්ඩලම පාරේ පොඩි දුරක් යද්දි තමයි මේ මැංගෝ හෙවන ඔබට හමුවෙන්නේ. මෙතනට මැංගෝ හෙවන කියලා නම දාලා තියෙන්නේ මේ නවාතැන්පල ඉදිරියේ තිබෙන අඹ ගස නිසායි.

අපි දැන් කතා කරමු මෙතන තියෙන සැප පහසුකම් මොනවාද කියලා. මැංගෝ හෙවණේ උඩ තට්ටුවේ තමයි නවාතැන් සඳහා කාමර තිබෙන්නේ. කාමර දෙකකින් සමන්විත මේ නවාතැන පවුලේ පිරිසක් සඳහා නතර වීමට හැකියි. වායු සමීකරණය කර තිබෙන කාමරයක් මෙන්ම සාමාන්‍ය කාමරයක් මෙහි තිබෙනවා. ඒ වගේම කාමර දෙකටම යාබදව කුඩා ආලින්දයක් වැනි ස්ථානයක්ද තිබෙනවා. ඒ වගේම ඊට යාබදව අඹ ගසේ හෙවන ලද කුඩා බැල්කනියක්ද තිබෙනවා. මේ බැලකනියට වෙලා හවසට ඔබට මිතුරන් සමග එකතු වෙලා කුඩා මත්පැන් සාදයක්ද පැවැත්විය හැකියි. ඒ සඳහා නිදහස මෙම නවාතැන්පලේ හිමිකරු සලසා දී තිබෙනවා.

ඒ වගේම යට තට්ටුවේ රෙස්ටූරන්ට් එක තිබෙනවා. එහි ආහාර ගැනීමට, රැගෙන යාමටද අවස්ථාව තිබෙනවා. වාහන නැවැත්වීමේ පහසුකම් ද මැංගෝ හෙවණෙහි තිබෙනවා. දැරිය හැකි මුදලකට උදෑසන බෝජන සංග්‍රහයක් සමග මෙම නවාතැන්පලෙහි නතර වීමට පැමිණෙන ඕනෑම සංචාරකයෙක්ට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙහි නතර වන සංචාරකයන් සඳහා අන්තර්ජාල පහසුකම්ද ලබා දී තිබෙන බවද කියන්නට ඕනේ.

 

විමසීම් - 076 8326827 / 066 2052454

අයිතිකරු සුමේද මහේෂ්

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

 2019-05-27-ent-880 2019-05-27-ent-869  2019-05-27-ent-872 2019-05-27-ent-873 2019-05-27-ent-875 2019-05-27-ent-876 2019-05-27-ent-877