කුඹුර - අනුරාධපුර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-25-ent-59

අනුරාධපුරය අපේ රටේ සුවිශේෂී වූ උරුමයන් සහිත නගරයකි. බෞද්ධ උරුමයන්ගෙන් පිරුණු වාරිකර්මාන්තයේ විස්මිත වූ නිමවුම්වලින් සමන්විත ප්‍ර‘දේශයක් ලෙස හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය ඇතුළු සිද්ධස්ථාන රාශියකින් සමන්විත පුදබිමකි.

මෙවන් වටිනාකම් රාශියකින් හෙබි අනුරාධපුර දේශීය මෙන්ම විදේශිකයන්ගෙන් වසර පුරාවට පිරී පවතියි. සති අන්තය හා වසරේ නිවාඩු දිනයන්හිදී අනුරාධපුර නගරයට සංචාරකයෝ විශාල පිරිසක් පැමිණෙති.2019-01-25-ent-66

මේ අයුරින් වසර පුරා විශාල පිරිසක් පැමිණෙන අනුරාධපුර සංචාරකයන් සඳහා විවෘත කර ඇති සංචාරක හෝටල්, නිවාඩු නිකේතන ඇතුළු පහසුකම්ද අතිවිශාලය. එවන් ස්ථාන අතරින් %කුඹුර^ට ඇතිවන්නේ ප්‍රමුඛ තැනක් බව නොකිවමනාය.

පුත්තලම් මාර්ගය හා කුරුණෑගල මාර්ගය හමුවන නෝනාගම හංදිය අසල මනරම් කෙත්යායට පසුබිම් කරගනිමින් ඉදිකර ඇති මෙය අනුරාධපුර සංචාරය කරන ඕනෑම අයෙකුට හොඳින්ම නෙත වැටෙන අලංකාරවත් වූ තැනකි.

%කුඹුර^ 2017 වසරේදී විවෘත කර තිබෙනවා. ඉසුරු සඳරුවන් මහතා විසින් තම සතෙහි රැඳි සැලසුමක් මත කුඹුර නිර්මාණය කළ බවයි අප හා සඳහන් කර සිටියේ. වෘත්තියෙන් වීඩියෝකරණ ශිල්පියෙකු ඔහු මෙරට ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් රාශියකම නිර්මාණකරුවායි. තම වෘත්තීය අනුව විවිධ සංචාරක හෝටල් සඳහා යාමට සිදු වූ බවත්, එම අවස්ථාවලදී නෙත ගැටුන සංචාරක හෝටල්හි සුන්දරත්වය තමන් විසින්ම හෝටලයක් නිර්මාණය කිරීමට පෙළඹ වූ බවයි සඳහන් කර සිටියේ.

%කුඹුර^හි නිදන කාමර ප්‍රමාණය 08කි. විවෘත රෙස්ටොරන්ට් එක හා විවෘත ප්‍ර‘දේශය තුළ අසුන් 400කට පමණ පහසුකම් සහිත විවාහ මංගල්‍ය හා ප්‍රිය සම්භාෂණ සඳහාද පහසුකම් සපයා තිබේ. මෙහි නිදන කාමර ඉහළම සුව පහසුකම් සහිතව නිර්මාණය කර තිබෙන අතර, සොඳුරු කෙත්යායට මුහුණලා සියලු නිදන කාමර නිර්මාණය කිරීමටද සංචාරක ආකර්ෂණයට වඩාත් හේතු වී තිබෙන බව සඳහන් කිරීමට පුළුවනි.

%කුඹුර^ අලුත විවාහපත් යුවළ සඳහා වැඩි ප්‍රසිද්ධියක් පවතින බවයි ඉසුරු මහතා සඳහන් කළේ. එසේම පවුලේ නිවාඩු සඳහාද බොහෝ දෙනාගේ කැමැත්තක් පවතින බවද ඔහු සඳහන් කර සිටියා.

%කුඹුර^ අනුරාධපුර පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් ආහාර ගැනීමට තෝරා ගන්නා බවත් නිදහසේ කාලය ගත කිරීමට හැකි පරිසරක් පැවතීම ඊට ප්‍රධාන හේතුව බවට පත්ව ඇති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ. කුඹුර සංචාරය කරන ඔබට විල්පත්තු ජීප් සවාරි සඳහාද අවස්ථාව පවතිනවා. එසේම කිරි ආහාර ඇතුළු අවශ්‍යතා පිළිවෙළටත්, නිවැරදිව ඉටුකරදීමත්, තමන්ටම පිළියෙල කර ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා මුළුතැන්ගෙය නොමිලේ ලබාදීමට මෙහි කළමනාකාරීත්වය කටයුතු යොදා තිබෙනවා.

%කුඹුර^ සැබැවින්ම නෙත් සිත් ඇඳ බැඳගන්නා තැනක් ලෙස සඳහන් කළ හැකියි. ඉහළම සුවපහසුකම් විඳිමින් තම නිවාඩුව විවේකය හොඳින් ගත කිරීමට මෙය අපූරු තැනක් වනු නොඅනුමානයි.

0717433802

 

2019-01-25-ent-55 2019-01-25-ent-56 2019-01-25-ent-57 2019-01-25-ent-58  2019-01-25-ent-60 2019-01-25-ent-61 2019-01-25-ent-62 2019-01-25-ent-63 2019-01-25-ent-64 2019-01-25-ent-65