කුරු ගඟේ නාලා, පාරු පැදලා, සතුටුවෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-05-ent-16

කුරු ගඟේ නාලා, පාරු පැදලා, සතුටුවෙන්න, හොර, දුම්මල, පුස් ඇට ගස් යායක් මැද කන්කරච්චල සද්දවලින් මිදිලා කුරැලු කූජන මැද විඩාව නිවාගන්න, ඒ විතරක් නෙවෙයි බැරකොළ මාලුවක්, කොස්, දෙල්, මඤ්ඤොක්කා ඇති වෙනකම් කන්න, ඔබේ පෞද්ගලිකත්වය පිළිබඳ අතිශයින් සැලකිලිමත් වන හා නිතර සිනාමුසු මුහුණින් සිටිනා අපූරැ සේවක මඬුල්ලක් ඉන්න සොඳුරැ නවාතැනකට දවස් දෙක තුනක් ගිහිල්ලා ඉඳලා එන්න කවදා හරි හීනයක් තිබුණද? ඔන්න දැන් ඒකට අවස්ථාව ලැබිලා තියෙනව. මේ සියල්ල සපිරි ඒ නවාතැන තමයි '‘Kuruwita Retreat’ කියන්නේ.

කොළඹ ජනාකීර්ණ පරිසරයේ ඉඳලා පැය දෙකක පමණ දුරකින් පිහිටලා තිබෙන කුරැවිට රිට්‍රීට් නවාතැන අපූරැයි කියන්න කාරණා රුසක් තිබෙනවා. මෙතැන ඉඳලා කිලෝමීටර් 3ක වගේ දුරින් බටදොඹ ලෙන, ශ්‍රී පාදය, දිවා ගුහාව හා සංචාරක පහස ඉතාම අඩුවෙන් ලද වරණගල ඇල්ලත් පිහිටලා තිබෙනවා. නවාතැනට පහළින් ගලාගෙන යන්නෙ ශ්‍රී පාදයේදී මුණගැසෙන මැණික් ගඟ. හැබැයි ඒකට මේ ප්‍රදේශයේදී කියන්නේ කුරැගඟ කියලා. නිදහසේ දවසක් දෙකක් ඉඳලා යන්න විතරක් නෙවෙයි, ඔබේ ආයතනයේ Day out වලටත් මෙතැන අපූරැයි. මුලින් කිව්වා වගේ ගමේ කෑමවල ඉඳලා දර පෝරණු පාන්, මාලු පාන්, බනිස් ආදියත් ඔවුන් ඔබට ලබාදෙනවා. නාන තටාකය, ආහාර වේල් සමඟ පාරැ පැදලා හොඳින් වින්දනය කරලා යන්න ඔබ ආයතනයේ පිරිස් එනවා නම් සේවය සපයන්න ඔවුන් සූදානම්. පොකට් එකට හරිම පහසු මිලකට.

 

Text - Prasad

 

2017-02-05-ent-17
2017-02-05-ent-18
2017-02-05-ent-19
2017-02-05-ent-20
2017-02-05-ent-21
2017-02-05-ent-22
2017-02-05-ent-23
2017-02-05-ent-24
2017-02-05-ent-25
2017-02-05-ent-26
2017-02-05-ent-27