කොළඹට නුදුරින් නවාතැන් ගන්නට Hotel kanaro



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-390

අද ඔබට ගෙන එන්නේ නාවල ප්‍රදේශයේ පිහිටි Hotel kanaro පිළිබඳවයි. නාවල නාරාහේන්පිට පාරේ පිහිටා තිබෙන Hotel kanaro දේශීය විදේශීය සංචාරකයන්ට බොහෝ සෙයින් වැදගත් වන්නේ මෙය කොළඹ නගරයට සමීපව පිහිටා තිබෙන නිසායි. Hotel kanaro පාරිබෝගික ඔබට විශේෂ සේවාවන් කිහිපයක්ම සපයන නිසා ඔබට මේ ගැන කියන්නට අප සිතුවෙමු.

Hotel kanaro හි රෙස්ටූරන්ට්, උත්සව ශාලාවක්, සම්භාහන මධ්‍යස්ථානයක්, කාමර පහසුකම් වැනි දෑ සපයනු ලබයි. මෙහි රෙස්ටූරන්ට් එකෙහි දේශීය, විදේශීය ආහාර පානයන් රැසක් පාරිබෝගිකයන්ට ලබාදීමට මොවුන් දිනපතා කටයුතු කරයි. තවද ආහාර රැගෙන යාමේ පහසුකම්ද Hotel kanaro රෙස්ටූරන්ට් ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.

20195131kanaro

උපන්දින සාද, පවුලේ සාද, විවාහ මංගල්‍ය උත්සවයන් වැනි ඔබේ ජීවිතයේ වැදගත් වන දිනයන් Hotel kanaro උත්සව ශාලාව තුළ සැමරිය හැකි අතර ඔබේ ආයතන වල සම්මන්ත්‍රණ වැනි දෑද මෙහි පැවැත්වීමට හැකියාව තිබෙනවා. මෙම උත්සව ශාලාව වායු සමීකරණය කර තිබෙන අතර එහි දෙසීය දෙනෙකුට පමණ හිඳ ගැනීමට හැකියාව තිබෙනවා.

Hotel kanaroහි නවාතැන් ගැනීම් කටයුතු සඳහා කාමර පහසුකම්ද තිබෙනවා. kanaroහි ඇති මුළු කාමර ගණන විසිපහක් වන අතර සුබෝපභෝගී කාමර 16ක් ද ස්ටෑන්ඩට් වර්ගයේ කාම 9ක් තිබෙනවා. මෙම කාමරවල මිල ගණන් රුපියල් 4000 සිට ආරම්භ වනවා. මෙහි ගණන් Standard Single - 4000/=, Standard Double - 5000/=, Deluxe Single - 5000/=, Deluxe Double - 6000/=, Deluxe Triple - 7000/= පමණ වනවා. තවද මෙම කාමර වායුසමීකරණය කර තිබෙන අතර වයිෆයි තාක්ෂණය, රූපවාහිනී, උණු වතුර වැනි දේවල් පාරිබෝගිකයන්ට ලබා දී තිබෙනවා.

තවද kanaroහි ඇති සුවිශේෂිතව සේවාව වන්නේ මෙහි තිබෙන සම්බාහන මධ්‍යස්ථානයයි. මෙම සම්බාහන මධ්‍යස්ථානයේ සුවිශේෂී ආයුර්වේදී සම්බාහන ක්‍රම රැසක් මගින් ඔබේ ශරීරය සම්බාහනය කරනු ලබයි. ඔබේ කාර්යබහුල ජීවිතයෙන් මදක් මිදී පවුලේ හිතමිතුරන් සමග නිවාඩුවක් ගත කිරීමට Hotel kanaro වෙත පැමිණිය හැකියි.

දුරකතන අංකය - 0112504805

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

2019-05-06-ent-380 2019-05-06-ent-381 2019-05-06-ent-382 2019-05-06-ent-383 2019-05-06-ent-384 2019-05-06-ent-385 2019-05-06-ent-387 2019-05-06-ent-388    2019-05-06-ent-394

 

 

20195131kanaro