දුනුමඬලාව පාමුල සුන්දර සේනානිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-01-ent-205

2017-03-01-ent-194

ලංකාවේ කොයි කෙළවරේ ඉපදුණත් සෙංකඩගලට මිනිස්සු ආදරෙයි. වැහි අඳුර මැදින් රෑස්ස ගස් සෙවණේ තේජාන්විතව සිටින මහනුවර මහ පොළොවේ ගිමන් නිවන්න, නිදහසේ ඉන්න අකමැති කවුද? අද අපි යන්නේ ඒ සෙංකඩගල පුරයේත් ඉහළ මුදුනෙම පිහිටලා තියෙන සොඳුරැ නවාතැනකට. සීතලම දියෙන් සුසැඳි පුරාණ රජවරැන් දිය නෑ, රාජකීය දිය පීල්ල ළඟින් දිවෙන රජපිහිල්ල පාරේ මහනුවර සේනානි (Hotel Senani – Kandy) හෝටලයට තමයි මේ යන්නේ.

දළදා මාළිගාව අප විඳින දුරින්, මහනුවර හුන්නස් හා නකල්ස් කඳු පන්තියෙන් වටවෙලා, සීතල මීදුමෙන් වැහෙන නුවර මුදුනෙම පිහිටලා තියෙන සේනානි හෝටලය කාමර 33කින් සමන්විතයි. අක්කර 55ක් පුරා විහිදී තිබෙන ධර්මරාජ විද්‍යාලය අබිමුවේම තමයි මේ නවාතැන පිහිටලා තියෙන්නෙත්. පේරාදෙණිය උද්භිද උද්‍යානයට, නුවරඑළියට, මීමුරේට වික්ටෝරියා ජලාශය වෙතට වගේ මහියංගණයටත් පහසුවෙන් මෙතැන ඉඳලා ළඟාවෙන්න පුළුවන්. මෙතැනට එන, නවාතැන් ගන්න ඔබට උණුසුම් ජලය, සාප්පු පහසුකම්, පෞද්ගලිකව කාමරය තුළම තේ කෝපි සකස් කිරීමේ පහසුව වගේම අපූරැ ජල තටාකයකුත් තිබෙනවා.

වැදගත් තවත් කාරණයක් තියෙනවා. ඒ මේ හෝටලය පිහිටලා තියෙන්නේ දුනුමඬලාව රක්ෂිතයේ පාමුල. සංචාරයේ රිසි ඔබට දුනුමඩලාව රක්ෂිතයේ හයිකත් එකක් යන්නත් පුළුවන්. රජුගේ උද්‍යානය පිහිටලා තියෙන්නෙත් හෝටලයේ ඉඳලා මීටර් 600ක් වගේ දුරින්. විශ්වාස කරාවිද දන්නේ නෑ, නුවර මස්තකයේ ති‍බෙන දුනුමඬලාව රක්ෂිතයේ මුවෝ, ගෝන්නු, ඌරන්, විවිධ කුරැල්ලන් විතරක් නෙවෙයි, දිවියන් පවා වාර්තාවෙලා තියෙනවා. මේ සියල්ල මැද මහනුවර සේනානි හෝටලයේ දිනයක් දෙකක් නිදහසේ ගත කරන්න ඔබ එනකම් ඔවුන් බලාගෙන ඉන්නවා.

 

 Text/Pic — vimukthi 

 

2017-03-01-ent-195
2017-03-01-ent-196
2017-03-01-ent-197
2017-03-01-ent-198
2017-03-01-ent-199
2017-03-01-ent-200
2017-03-01-ent-201
2017-03-01-ent-202
2017-03-01-ent-203
2017-03-01-ent-204