දුම්බර සුළෙඟන් නැහැවෙන 'කඳුවැටිය'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-29-ent-186

ජෛව විවිධත්වයෙන් සමන්විත සුන්දර කඳු වළල්ලකින් සෙවන ලද ඓතිහාසික උරුමයන්ගේ ක්‍ෂේම භූමියකි. මාතලේ පුරවරය මනස්කාන්ත දුම්බර හෙවත් මාතලේ පාවුල් කඳු මිටියාවතෙන් සහ ඇල්කඩුව බලකඩුව විල්ෂියාර් යන කඳු වළල්ලෙන්ද සෙවන ලද මේ පුරවරය සංචාරකයින්ගේ ආකර්ෂණයට බඳුන් වුණු පුරවරයකි.

ඓතිහාසික අළුවිහාර රජ මහ විහාරය ලෝක උරුම නකල්ස් වනපෙත හා පිටවල පතනේ සුන්දරත්වය සිප වැළඳ ගැනීමට යන එන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා මාතලේ පුරවරයේ නවාතැන් පහසුකම් සඳහා තරු පංතියේ නව හෝටලයක් මාතලේ පුරවරයේ මාතලේ සිට මහනුවරට යන ප‍්‍රධාන මාර්ගයේ රෝහණ දිසානායක මාවතේ පසුගියදා ඉදිවුනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වුණ මෙම හෝටලය නමින් ද ග‍්‍රෑන්ඞ් මවුන්ටන්ය. සරුසාර වූ කෙත් වතු හරහා දුම්බර වනපෙත සිසාරා හමන සුළෙඟ් පහස අත්විඳීමට හැකි චමත්කාර පරිසරයකින් මේ හෝටලයේ අවට පරිසරය නිර්මාණය වී තිබේ.

මහල් අටකින් සමන්විත මෙම හෝටලය වායු සමනය කළ දැකුම්කලූ කාමර 100 කින් යුක්තය. අංගසම්පූර්ණ ශාලාවක් සහ ආයුර්වේද වෛද්‍ය ආයතනයක් කාය වර්ධන ඒකකයක් රෙස්ටුරන්ස් දෙකක් මෙහි ඇත.

ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ සංචාරක හෝටලයක් ලෙස අභිනවයෙන් ආරම්භ කරන ලද මෙම හෝටල් සමාගමේ අධ්‍යක්ෂිකා අෂිකා එදිරිසිංහ මහත්මිය හෝටලයේ සාමාන්‍යාධිකාරී ලෙස අයන්ත ඉන්දික මහතා සේවය කරනු ලබයි.

 

සටහන සහ ඡායාරූප: මාතලේ එම්.ඩබ්. සෝමරත්න

 

2017-12-29-ent-177  2017-12-29-ent-185 2017-12-29-ent-184 2017-12-29-ent-183 2017-12-29-ent-182 2017-12-29-ent-181 2017-12-29-ent-180 2017-12-29-ent-179 2017-12-29-ent-178