නේචර් ට්‍රේල් සංචාරක හෝටලය උණවටුන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-04-ent-48

යෞවනයන් නිරන්තරවම සංචාරයට ප්‍රියකරන පිරිසක්. ඒ වගේම ඔවුන් රටේ විවිධ ප්‍ර‘දේශවල සංචාරයට අලුත් සොඳුරු තැන් දැක බලා ගැනීමට බොහොම කැමැති පිරිසක්. මේ නිසා අප නිරන්තරයෙන්ම එවැනි නැවුම් වූ ස්ථාන පිළිබඳ හඳුන්වා දෙන්න උත්සාහ ගන්නවා.

ඒ අනුව කඳු තරණය කරන්න, සොඳුරු මුහුදු තීරයක දිය නෑමට වගේම බොහෝ දේ දැක බලාගෙන විනෝදයෙන් දවස ගෙවන්න හැකි ස්ථානයක් ලෙස රූමස්සල කන්ද පාමුල නිර්මාණය කර තිබෙන ‘නේචර් ට්‍රේල්ස්’ හෝටලය හඳුන්වා දෙන්න පුළුවන්.

දෙස්විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ගාල්ල සංචාරක පුරවරයෙන් වඩාත් ප්‍රචලිත වූ ස්ථාන ලෙස උණවටුන මුහුදු තීරය, රූමස්සල කන්ද හා මිහිරිපැන්න ඇතුළු බොහෝ ස්ථාන හඳුන්වා දීමට හැකියි. මේ අතරින් වර්තමානයේ දැඩි ආකර්ෂණයට බඳුන් වී ඇති ‘ජංගල් බීච්’ මුහුදු තීරය රූමස්සල කඳු පාමුල පිහිටා තිබෙන සොඳුරු ස්ථානයකි.

මෙහි දියනෑමට, විනෝද වීමට යන ඔබට රූමස්සල කන්ද තරණය කරමින් අලුත් අත්දැකීමක් විඳගනිමින් තවත් කදිමව තැනකට ගොඩවැදී මතකයේ රැඳී සංචාරයක් කරගත හැකියි.

ඒ ‍උණවටුන, 21 කණුව අසල පිහිටි නවීණ පහසුකම් රාශියකින් සමන්විත වූ ‘නේචර් ට්‍රේල්ස්’ හෝටලයයි. එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස එච්.එම්. ලියනගේ මහතා කටයුතු කරයි.

ප්‍ර‘දේශයේ සංචාරක හෝටල් අතර ඉහළ ප්‍රමිතියකින් වඩාත් සුවපහසු සීමාවන්ගෙන් යුත් සංචාරක හෝටලයක් බවට පත්කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරන ලියනගේ මහතා පසුගිය දිනවලදී තවත් පහසුකම් රාශියක් මෙම හෝටලයට එක්කර තිබෙනවා. ‘නේචර් ට්‍රේල්’ ගාල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නයේම පැවැතියද, සංචාරකයන්ට නිදහස ඉහළින්ම විඳගත හැකි අයුරින් නිර්මාණය කර තිබීම සුවිශේෂියි. රූමස්සල කන්ද පාමුලට වන්නට නාන තටාකය නිර්මාණය කර ඇත. එසේම හෝටලයේ සිට රූමස්සල කන්ද තරණය කරමින් ‘ජංගල් බීච්’ මුහුදු තීරය දක්වා සංචාරයට ගමන් මාර්ගයක්ද නිර්මාණය කර ඇත.

මෙය විශේෂයෙන්ම තරුණ පිරිස් හා විදේශිකයන් අතර වැඩි ප්‍රසිද්ධියක් උසුලන බව ලියනගේ මහතා පවසයි.

මෙම සංචාරයේදී සමනල විශේෂ, කුරුල්ලන්, වළිකුකුළන් ඇතුළු බොහෝ සතුන් දැකබලා ගැනීමේ හැකියාව පවතී. එසේම මෙම ගමනේදී වනය තුළදීම ආහාර පාන ගැනීමට කාලය ගත කිරීමට හැකි සොඳුරු ස්ථාන බොහොමයක් පවතින බවද ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

‘නේචර් ට්‍රේල්’හි නිදන කාමර පහසුකම් වගේම විවාහ මංගල උත්සව ඇතුළු ප්‍රියසාද කාර්යාල සුහද හමු, සම්මන්ත්‍රණ සඳහාද වෙන්කර ගැනීමටද හැකියි. එපමණක් නොව උදය, දිවා, රාත්‍රී ආහාර සඳහා පමණක්ද ඔබට ‘නේචර් ට්‍රේල්’ තෝරා ගැනීමට හැකියාව පවතිනවා. මෙහි ආහාර පිළිබඳ විශේෂයෙන්ම ප්‍රසිද්ධියක් උසුලන බවද සඳහන් කළ හැකියි.

‘නේචර් ට්‍රේල්’ උණවටුන ප්‍ර‘දේශයේ පවතින පහසුකම් අතරින් ඉහළ නමක් දිනාගත් සංචාරක හෝටලයක් මෙන්ම රූමස්සල කන්දේ අපූරත්වය හොඳින්ම රැඳී තිබෙන ස්ථානය ලෙසද හදුන්වා දීමට පුළුවන්.

 

077-7118616/ 091-4946666

 

 2019-02-04-ent-50 2019-02-04-ent-51 2019-02-04-ent-52 2019-02-04-ent-53 2019-02-04-ent-54 2019-02-04-ent-56 2019-02-04-ent-58 2019-02-04-ent-59 2019-02-04-ent-60 2019-02-04-ent-61 2019-02-04-ent-62