මුහුදට සමීපව නිස්කලංක නිවාඩු නිකේතනයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-22-ent-27

මුහුදු අසිරිය විඳගනිමින් සිය පවුලේ හිතවතුන් සමග නිවාඩුවක් ගත කිරීමට කොළඹට නුදුරු සුන්දර ස්ථානයක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. කොළඹට නුදුරු බෝපිටිය, පමුණුගම පිහිටි Ayana beach boutique ආරම්භ කර තිබෙන්නේ මෑතකදියි. ඉහත කී ආකාරයට ඔබේ නිවාඩුව නිදහසේ, නිස්කලංකව ගත කිරීමට Ayana beach boutique වෙත යෑමට ඔබට හැකියි.

වෙනත් නිවාඩු නිකේතන මෙන් විශාල නොවන අතර විදෙස් සංචාරකයන් නිතරම මෙහි නවාතැන් ගැනීමට පැමිණෙනවා. එයට හේතුව වන්නේ ආයානා බීච් නිකේතනයේ සිට කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලට ඇත්තේ විනාඩි විස්සක පමණ දුරක් නිසායි.

මෙය පවුලේ කුඩා ප්‍රිය සම්භාෂණයන්ට අපූරු තැනකි. තවද මෙම නිවාඩු නිකේතනයේ සිට මුතුරාජාවෙල බෝට්ටු සෆාරි මධ්‍යස්ථානයට සුළු වේලාවකින් ළඟා වීමටද හැකියාව පවතිනවා.

ayana beach butique මෑතකදී විවෘත කර තිබෙන අතර, නමුත් එය විවෘත කළ දා සිට පාරිභෝගිකයන්ගෙන් අඩුවක් දක්නට නොලැබෙන බව අපට දැනගන්නට ලැබුණා.

මෙහි මිදුලට පැමිණි පසු මුහුදු සුළඟ නොඅඩුව ලැබෙන අතර මුහුදු සුළඟ විඳින්නට සංචාරකයන් වෙනුවෙන් කුඩා කුටියක් සහ පුටු කිහිපයක් ඉදිකිරීමට මෙහි සැලසුම්කරුවෝ කටයුතු කර තිබෙනවා.

ඉතා සාධාරණ මුදලකට කෑම බීම සහ නවාතැන් ගැනීමට මෙවැනි සංචාරක කලාපයක ස්ථානයක් සොයාගැනීම අපහසු කාර්යයක්. නමුත් Ayana beach boutique හි ඉහත සියළු දෑ අඩු මුදලකට ලබාගැනීමට හැකියාව පවතිනවා.

දුරකතන අංකය - 0777407217

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

2019-03-22-ent-18 2019-03-22-ent-19 2019-03-22-ent-20 2019-03-22-ent-21 2019-03-22-ent-22 2019-03-22-ent-23 2019-03-22-ent-24 2019-03-22-ent-25 2019-03-22-ent-26  2019-03-22-ent-28 2019-03-22-ent-29 2019-03-22-ent-30 2019-03-22-ent-31 2019-03-22-ent-32 2019-03-22-ent-33 2019-03-22-ent-34 2019-03-22-ent-35