මුහුදු අසිරියෙන් උපරිම ප්‍රයෝජනය ගත් The Beach Boutique



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-222

අද අපි ඔයාලාට ගෙන එන්නේ කොළඹට නුදුරු ජා-ඇල බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සුන්දර The Beach Boutique හෝටලය ගැනයි. පිටතින් සාමාන්‍ය හෝටලයක් ලෙස පෙණුනත් මේ හෝටලය තුළට පැමිණෙන ඕනෑම අයෙකුට මෙහි ඇති සුන්දරත්වයට ආශාවක් ඇති වීමට ගත වෙන්නේ ඉතා සුළු වේලාවකි. The Beach Boutique ආරම්භ වන්නේ 2015 වසරේදියි. The Beach Boutique හෝටලයේ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ ප්‍රවීණ ගෘහ නිර්මාණ ජෙෆ්රි බාවාගේ ගෝලයකු වන චන්දදාස් විසිනි. කන්ඩලම හෝටලයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම හෝටලයේ ඇතුළත නිර්මාණ වී තිබේ.

The Beach Boutiqueහි නිදන කාමර දොළහක් තිබෙන අතර එම නිදන කාමර සියල්ලම වායු සමීකරණය කර තිබේ. උණු ජලය ලබාගැනීමේ පහසුකම්ද මෙම කාමරවලට ලබාදීමට මෙහි පාලනාධිකාරිය කටයුතු යොදා තිබේ. The Beach Boutique හෝටලයට වැඩිම ඉල්ලුම තිබෙන්නේ විදේශීය සංචාරකයන්ගෙනි.

20190313hotel-1The Beach Boutique සංචාරකයන්ට අපූරු තැනක් බවට පත් වන්නේ සෘජුවම මුහුදේ අසිරිය දිස් වෙන නිසාවෙනි. සෑම නිදන කාමරයක් සඳහාම මුහුදේ අසිරිය නැරඹීමට හැකි අයුරින් මෙහි නිර්මාණ ශිල්පියෝ හෝටලය නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබේ. එය සංචාරයකයන්ට අපූරු අත්දැකීමක් වනු ඇත.

The Beach Boutiqueහි දැකිය හැකි විශේෂිතම ලක්ෂණය වනුයේ මෙහි තිබෙන පිහිනුම් තටාකයයි. පිහිනුම් තටාකයේ හරි අඩක් ගෘහස්ථව තිබෙන අතර තවත් කොටසක් එලිමහනට විවෘතව පවතියි. මෙවැනි වර්ගයේ පිහිනුම් තටාක ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ දැකිය හැක්කේ ඉතාමත් කලාතුරකින් වන අතර එබැවින් මෙය සංචාරකයන්ට අළුත් අත්දැකීමක් ගෙන දෙනු ඇත. තවද පිහිනුම් තටාකයේ සිටම මුහුදේ අසිරිය නැරඹීමට හැකි අයුරින් මෙම පිහිනුම් තටාකය නිර්මාණය වී තිබීම තවත් විශේෂත්වයකි.

The Beach Boutique හෝටලයේ පිහිටීම සංචාරකයන්ට වැදගත් වන ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ මේ හෝටලය තුළ තිබෙන පරිසරය සහ මුහුද අද්දර පිහිටීමයි. The Beach Boutique හෝටලයේ සිට මුතුරාජවෙල බෝට්ටු සෆාරි මධ්‍යස්ථානයට සහ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලට ඉතා සුළු වේලාවකින් පිවිසීමට සංචාරකයන්ට හැකියාව පවතියි.

පවුලේ පෞද්ගලික ප්‍රිය සම්භාෂණ, පවුලේ සාමාජිකයන්ට නිවාඩුවක් ගත කිරීම වැනි දේවල් සඳහා මෙම හෝටලය පහසු සහ සහනදායී මිලකට ඔබට ලබා ගැනීමට හැකියාව පවතියි. තවද මෙහි සේවකයන් ඉතාමත් සුහදශීලී සේවයක් ලබාදෙන බවද ඔබට කිව යුතුයි. The Beach Boutiqueහි Sea food event නිරන්තරයෙන් සංවිධානය වේ. Sea food event සඳහා නිරන්තරයෙන් දෙස් විදෙස් සංචාරකයන් සහභාගී වේ.

Beach Boutiqueහි මත්පැන් වෙළඳසැල උදෑසන දහයේ සිට රාත්‍රී එකොළහ වන තුරු විවෘතව තිබේ. කුඩා වූවත් හුරුබුහුටි මත්පැන් වෙළඳසැල සංචාරකයන්ට වෙනස් වූ ආශ්වාදයක් ගෙන එයි. මෙම මත්පැන් සල තුළටද මුහුද සෘජුවම දිස්වන ආකාරයට නිර්මාණය කිරීමට මෙහි සැලසුම්කරුවෝ කටයුතු කර තිබේ. The Beach Boutique යනු මුහුදෙන් උපරිම ප්‍රයෝජන ගෙන මුහුදේ අසිරිය විඳිමින් ඔබගේ නිවාඩුව නිදහස්ව ගත කිරීමට නිර්මාණය වූ අපූරු තැනකි. තවද මෙම හෝටලය මහා මාර්ගයකට යාබදව පිහිටා තිබුණද හෝටලය ඇතුළත නිශ්ශබ්ද, නිස්කලංක පරිසරයක් තිබේ.

ඔබේ නිවාඩුව, ඔබට සහ පවුලේ සැමට එක්ව නිදහසේ ගත කිරීමට කොළඹට නුදුරින් පිහිටා ඇති මෙම අපූරු හෝටලය බෙහෙවින් උපකාරී වනු ඇත.

 

දුරකතන අංකය - 011-2232325

විශේෂ ස්තූතිය - The Beach Boutique හි කලමණාකරු විතානගේ මහතා.

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

2019-03-11-ent-209 2019-03-11-ent-210 2019-03-11-ent-211 2019-03-11-ent-212 2019-03-11-ent-213 2019-03-11-ent-214 2019-03-11-ent-215 2019-03-11-ent-216 2019-03-11-ent-217 2019-03-11-ent-218 2019-03-11-ent-219 2019-03-11-ent-220 2019-03-11-ent-221  2019-03-11-ent-223 2019-03-11-ent-224 2019-03-11-ent-225 2019-03-11-ent-226 2019-03-11-ent-227