රෑ කොළඹ හැඩ කරන ධවල මන්දිරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-10-ent-42

අද යමුද අපි කොළොම්තොටේ ඇවිදින්න. ඇවිදලා යන්න කියලා කොළඹ ආව අයට, කොළඹම හිටියත් හැන්දෑවක යාළුවෙක් එක්ක නැත්නම් යාළුවොත් එක්ක HUSBAND එක්ක නැත්නම් WIFE එක්ක GIRL FRIEND එක්ක නැත්නම් BOY FRIEND එක්ක එහෙමත් නැත්නම් FAMILY එකේ අයත් එක්ක හැන්දෑවක නැත්නම් රූක නිදහසේ ටිකක් ඇවිදලා SHOPPING කරලා රසට කාලා බීලා යන්න පුළුවන් තැනකට ඔයත් එක්ක යන්න අපි හිතුවා. ඒ නිසා මේ සති අන්තේ Walk 111 එක්ක අපි යන්නේ පුරාණත්වයත් නවීනත්වයත් එකට එක්වූ සුන්දර තැනකට. සමහරු හිතනවා මේ වගේ තැන් HIGH CLASS කට්ටියට වෙන්වෙච්ච තැන් අපි වගේ පයින් බස් එකේ නැත්නම් ත්‍රී වීලර් එකේ යන එන අයට මේ තැන් හරියන්නේ නෑ කියලා. අනේ එහෙම එකක් නෑ. චමත්කාරය විඳින්න පුළුවන් ඕනෑම කෙනෙකුට මෙතෙන්ට යන්න පුළුවන්. ඉතින් එන්න යමු.

ARCADE INDEPENDENCE SQUARE ඒ තමා මේ සති අන්තේ අපි ඔයත් එක්ක ඇවිදින්න යන තැන. කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ARCADE ධවල පැහැයෙන් දිලිසෙන්නේ හරිම තේජාන්විත විදිහට. අලංකාර උද්‍යානයක් වගේම ජල අලංකරණ පොකුණු වතුර මල් මේ ධවල තේජාන්විතයට එක්කරන අපූර්වත්වය නම් කදිමයි. ලංකාවේ නම ගිය බොජුන් හල් වගේම SHOPPING යන්න හොඳ SHOP ගණනාවකුත් මෙහි තියෙනවා. ARCADE INDEPENDENCE SQUARE හදන්න ඉස්සර මෙතන තිබුණු හැටි මතක් වෙද්දී නම් පුදුමත් හිතෙනවා. ඒ පුදුමයේ ගරුත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අයිතියි. මොකද ඔයාට අතීතය මතකනම් ARCADE එක මෙතන හැදුවේ කොළඹ වෙනස් කළ සංවර්ධන ව්‍යාපෘති වලින් එකක් විදිහට. කොළඹ වානිජ අග නගරයත් ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන නගරයත් බවට පත්කිරීමේ අරමුණින් දියත් කළ සංවර්ධන සංග්‍රාමයේ එක ප්‍රතිඵලයක් තමා ARCADE කියන්නේ. ඔයාට මතකද 2014 ජූලි 13 වැනිදා තමා ARCADE විවෘත කළේ.

 

2017-11-10-ent-44

 

බොලිවුඩ් තාරකාවකට අයිති පුංචි TESTY RESTURANT එකකුත් ARCADE එකේ තියෙනවා. ඒ තමා ජැකිලින් ෆර්ඩිනෑන්ස්ට අයිති කෑම සූත්‍ර. රස වුණාට ගාණ නම් ටිකක් සැරයි. ඒ වගේම FILM HALL එකකුත් ARCADE එකේ තියෙනවා. කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව වර්ග අඩි අනූදහසක භූමියක තමා ARACADE එක පිහිටලා තියෙන්නේ. පැරුණි විගණකාධිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ලන්දේසි පාලන කාලයේ ඉදිකළ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරලා තමයි මේ සුපිරි සාප්පු සංකීර්ණය ඉදිකරලා තියෙන්නේ. ARCADE එක ඉදිකරද්දී ත්‍රිවිධ හමුදාව දුන්න සහයෝගයත් අපේ මතකයට එනවා. රුපියල් මිලියන පන්සීයක වියදමක් මේ ඉදිකිරීම වෙනුවෙන් දරන්න වුණත් කොළඹට එය එක්කළ වටිනාකම සල්ලිවලින් මනින්න බැරි තරම්.

ආලෝකකරණ භූමි දර්ශන නිසා රූට ARCADE ඇත්තටම සොඳුරු ධවල මන්දිරයක් වගේ. ඒ ලස්සන ඒ වින්දනය අකුරුවලට කොහොමද ගැටගහන්නේ කියලා හිතෙනවා. චමත්කාරයත් නිදහසත් විඳින්න මේ කොළඹ මීටත් වඩා තැනක් නැති තරම්. ඔයත් ගිහින් එන්න. හවසක ගිහින් හවසත් විඳලා රූ ලස්සනත් විඳලම එන්න.

 

2017-11-10-ent-39 2017-11-10-ent-46 2017-11-10-ent-45  2017-11-10-ent-43  2017-11-10-ent-41 2017-11-10-ent-40