විවාහ මංගල උත්සව ඇතුළු ප්‍රියසාද සඳහා යුරෝ ස්ටාර් - මිනුවන්ගොඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190717Hotel-1

යුරෝ ස්ටාර් (EURO STAR) අගනගරය ආශ්‍රීතව ඇති ඉතාම සුවපහසුකම්වලින් සමන්විත හෝටලයකි. විවාහ මංගල උත්සව ඇතුළු ප්‍රිය සම්භාෂණ සතිඅන්තියේ පවුලේ චාරිකාවකට, කාර්යාල සුහද හමු ඇතුළු  සියලුම අවශ්‍යතා සඳහා වඩාත් ගැළපෙන ස්ථානයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

අධිවේගී මාර්ගයේ ගමන් කරන ඔබට කටුනායක පිටවුමෙන් පසුව මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 04ක් පමණ ගිය විට ආඬිඅම්බලම ප්‍ර‘දේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේම මෙය පිහිටා තිබෙනවා. ගමනාගමනයට පහසු නිසාම සතිඅනත්යේ පවුලේ නිවාඩුවකට මෙය ඉතාම සුදුසු තැනක් ලෙස හැඳින්වීමට පුළුවන්.

‘යූරෝ ස්ටාර්’ තරු පංති හෝටයලයකට සමාන පහසුක්වලින් සමන්විත වූ ඉතා ආකර්ෂණීය සෙඳුරු තැනක් ලෙස සැලකෙනවා. මෙහි නිදන කාමර ප්‍රමාණය 40ක් වන අතර, ඉන් කාමර 20 ස්විට් නිදන කාමර හා ඩිලක්ස් නිදන කාමර ලෙස පවතිනවා. ස්ටෑන්ඩ් නිදන කාමර 20ක සියලුම පහසුකම්වලින් මේම නිදන කාමර සමන්විතයි. කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ පැවැති නිසා විදේශීය සංචාරකයන් හා විදේශීය ව්‍යාපාරිකයන් ගුවන් ගමනට පෙර හා මෙරටට පැමිණෙන දිනයන්හි නවාතැන් ගැනීමට තෝරාගන්නා ස්ථානයක් ලෙස වර්තමානයේ ප්‍රසිද්ධව තිබෙන බවයි අපට දැකගැනීමට හැකිවූයේ. එසේම අලුත විවාහපත් යුවළ සඳහා වඩාත් ආකර්ෂණීය ස්ථානයක් ලෙසත් ‘යූරෝ ස්ටාර්’ ප්‍රසාදයට පත්ව තිබෙනවා.

20190717Hotel-2‘යුරෝ ස්ටාර්’ හි විවාහ මංගල උත්සව ඇතුළු ප්‍රියසාද සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා. මෙහි රෝයල් හා ක්‍රිස්ටල් ලෙස ශාලා 02ක් පිහිටා තිබෙනවා. රොයල් උත්සව ශාලාවෙහි අමුත්තන් 350කට හා ක්‍රිස්ටල් ශාලාවෙහි 325කට ආසන පහසුකම් පවතිනවා. ක්‍රිස්ටල් උත්සව ශාලාව ඉතාම සුවිශේෂිත එකක් ලෙස සඳහන් කළ හැකියි. නවීනතම ආලෝක රටා ඇතුළු සැම පහසුකමක්ම සමන්විතව වන අතර, මෙහි තිබෙන දිග අඩි 67ක්, පළල අඩි 10ක් හා අඩි 3 1/2 ක් කඩාහැළෙන විදුලි බුබුළු, ප්‍ර‘දේශයේ ඇති කිසිදු උත්සව ශාලාවක නොපවතින අලංකාරවත් එක්කර තිබෙනවා. මෙයින් විහිදෙන ආලෝක රටා ඉතාම ආකර්ෂණීය දැකුම්කළුය. විවාහ මංගල උත්සව සඳහා ‘යුරෝ ස්ටාර්’ තෝරා ගැනීමට සුවිශේෂිත හේතුවක් ලෙස මෙම දැකුම්කළු විදුලි ආලෝක ධාරා හඳුන්වාදීමට පුළුවන්.

මෙහි තිබෙන රෝයල් උත්සව ශාලාව බිම්මහල් පවතින නිසා විවෘත ප්‍ර‘දේශය (නාන තටාකය ඇතුළුව අමුත්තන් 700ට පමණ සුවපහසුව සැපයිය හැකියි. විශේෂයෙන්ම රාත්‍රි සම්භාෂණ සඳහා මෙම ශාලාව වැඩි ප්‍රසිද්ධියක් උසුලන බව කළමනාකාරීත්වය සඳහන් කර සිටියා. මෙම ශාලා 02 ට අමතරව හෝටලයෙහි Roof top හි ඇති ස්කයි රෙස්ටොරන්ට් හි අසුන් 125ක් පවතින අතර, එකී අසුන් අවට ප්‍ර‘දේශ වඩා හොඳින් දිස්වන සේ නිර්මාණය කර තිබෙනවා. මෙහි උපන්දින සාද ඇතුළු අමුත්තන් 125 දෙනෙකුට  සාදයක් සඳහා හොඳන්ම ගැළපෙනවා. මෙහි ආහාර රු.880 සිට මිලගණන් යටතේ පවතින අතර, D.J කැලිප්සෝ හා B.B.Q පහසුකම්ද සංවිධානය කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

‘යුරෝ ස්ටර්’ පිළිබඳ කතා කිරීමේදී මුලින් සඳහන් කළ පරිදි විවාහ මංගල උත්සව සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා. මෙහි විවාහ මංගල සඳහා වෙන්කර ගැනීමේදී අලංකාරවත් පෝරුවක්, මේස සැරසිලි පහන, කේටි ස්ටුක්චර් ඇතුළු බොහෝ පහසුකම් නොමිලේ ලබාදෙන බවත්; ඉතාම සුවපහසු නිදන කාමරයක් නොමිලේ ලබාදෙන බවද මෙහි සභාපති දීපාල් මහතා සඳහන් කර සිටියා. එපමණක් නොවෙයි, අගෝස්තු මස දක්වා ප්‍රිය සම්භාෂණ සඳහා වෙන් කරගන්නා ඔබට 10෴ක වට්ටමක් ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා. එසේම මෙහි ආහාර රු.1500 සිට ඉහළ මිලගණන් යටතේ වෙන් කරගැනීමට හැකියාව පවතිනවා.

එපමණක් නොවෙයි මේ දිනවල ලෝක කුසලාන තරග නැරඹීමට ඔබට රාත්‍රී 7.00 - 8.00 (Happy Houre) සඳහා 20෴ වට්ටමක්ද ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙවන් බොහෝ පහසුකම් රාශියක් ‘යුරෝ ස්ටාර්’ හෝටලය වෙතින් ඔබට ලබාගැනීමට හැකියාව තිබෙනවා.

විවාහ මංගල උත්සව, අනෙකුත් සියලු ප්‍රියසාද  ඇතුළු ඔබගේ පවුලේ නිවාඩුවකට වගේම ආයුර්වේද සම්භාෂණ සඳහා වගේම ඕනෑම අවස්ථාවක් සඳහා ‘යූරෝ ස්ටාර්’ අගනා නැකත් වනු ඇති. එසේම ප්‍රණීත ආහාරවේලක රස බලන්න වගේම දිනක් විනෝදයෙන් විවේකීයව කාලයගත කිරීමටත් මෙය සුදුසු තෝරාගැනීමක් වනු නොඅනුමානයි.

ඡායා විස්තර - ශාන් බන්දු වීරසිංහ 

20190717Hotel-3 20190717Hotel-4 20190717Hotel-5 20190717Hotel-6 20190717Hotel-7 20190717Hotel-8 20190717Hotel-9