සඳ එළියෙන් මදුසමය එළිය කරන 'VILLA THAWHISA'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-11-28-ent-43

මෙරට තුළ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් වඩ වඩාත් ප්‍රිය කරන ඉසව්වක් ලෙස දකුණුලකේ උණවටුන වෙරළ තීරය හඳුන්වාදිය හැකිය. වරෙක ලෝකයේ හොඳම වෙරළ යනුවෙන් හැඳින්වූ මෙම වෙරළ තීරයේ විශේෂත්වය වන්නේ සංචාරකයන්ට තම නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින්, විනෝදයෙන් කාලය ගෙවීමට හැකි වීමය. එය වඩාත් පහසු කරනුයේ එම වෙරළ තීරයේ පිහිටා තිබෙන සංචාරක හෝටල්ය.

එම සංචාරක හෝටල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ස්ථානයක් ලෙස අංශක 200 ක කෝණයකින් ඉමක්කොනක් නොමැතිව මහ සයුර පෙනෙන ලෙස නිර්මාණය කොට තිබෙන ගාල්ල, උණවටුන ‘විලා තවුතිසා’ බුටික් හැඳින්විය හැක.

මෙය හුදෙක් සංචාරකයන්ට පමණක් වෙන්වූ ස්ථානයක් නොවේ. මෙය මධුසමය ගත කිරීමට පැමිණෙන යුවළ සඳහා නොමැකෙන සුවිශේෂි අත්දැකීම් විඳගත හැකි ස්ථානයක් ලෙසත් පවුලේ සැමට ගොස් විවේකීව සිටිය හැකි ස්ථානයක් ලෙසත් හඳුන්වාදීමට හැකිය.

කොළඹ සිට පැමිණෙන සංචාරකයන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ පින්නදූව පිවිසුමෙන් ගාල්ල දෙසට කිලෝමීටර් 2 ක් පමණ පැමිණි පසු හමුවන වැල්ල දේවාලය පාරේ කිලෝමීටර් 1 ½ ක් පමණ ගමන් කිරීමෙන් උණවටුන ඉහළම ස්ථානයේ පිහිටි මෙම රමණීය ඉසව්වට පහසුවෙන් ළඟා විය හැකිය.

 

2016-11-28-ent-40

 

මෙම හෝටලය කාමර 24 කින් සමන්විත වේ. ඉන් කාමර 05 ක් සුපීරියර් ලෙසද, කාමර 10 ක් ඩිලක්ස් ලෙසද, කාමර 04 ක් ස්ටෑන්ටඩ් කාමර ලෙසද නිර්මාණය කර තිබේ. ඊට අමතරව මෙහි පෙන්ත් හවුස් එකක්ද පිහිටා තිබේ.

මෙම හෝටලයට ආවේණික වූ පෙන්ත් හවුස් කාමර මධුසමය සඳහා පැමිණෙන යුවළ සඳහා නිර්මාණය කර තිබේ. එහි විශේෂත්වය වන්නේ එම කාමර තුළ පරිසරයේ සුන්දරත්වය විඳගනිමින් මධුසමය ගත කිරීමට හැකි වීමයි. එම ස්ථානයේ සිට සූර්යය උදාව, සූර්යයා අවරට යාම මෙන්ම රාත්‍රියේ දිස්වෙන සඳ එළියද යහනේ සිටම නැරඹීමට හැකිය. සඳ එළිය යහන මතට වැටීම මධුසමය ගත කරන්නන්ට අපූර්වතම අත්දැකීමක් ගෙනඑන බවට නොඅනමානය.

ඊට අමතරව මෙහි පවතින සුපිරියර් කාමර 5 සඳහාම වෙන වෙනම පිහිනුම් තටාක නිර්මාණය කොට තිබේ. එමනිසා නිදහස උපරිමයෙන්ම භුක්ති විඳීමට හැකිය. උණවටුන වෙරළ තීරයේ උසම ස්ථානයේ ස්ථාපිත කර තිබෙන මෙම හෝටලයේ අවන්හල (Restaurant) පිහිටා තිබෙනුයේ හෝටලයේ ඉහළම ස්ථානයේයි. එය නම් කර තිබෙන්නේ ‘200’ ලෙසයි. මුහුදේ සිට පැමිණෙන සුළඟේ පහස, අවට පරිසරයේ සුන්දරත්වය උපරිම ලෙස විඳගනිමින් මධුවිත තොලගෑමට, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කෑම වට්ටෝරුවක හෝ මෙරටට ආවේණික කෑම වට්ටෝරුවක රස බැලීමට එම ස්ථානය කදිමය.

මෙම පහසුකම්වලට අමතරව මෙහි පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ගේ සහෝදර ආයතනයක් වන කොමරන් බීච් ක්ලබ් වෙතින් මුහුදු වෙරළේ සිට ආහාර ලබාගැනීමේ අවස්ථාවේ ලබාදේ. ඊට අමතරව බෝට්ටු සවාරි, අවට තිබෙන ස්ථාන නැරඹීම සඳහා නිර්මාණය කළ විශේෂිත ත්‍රිරෝද රථද ඔවුන් සතුව තිබේ.

සොබාව සෞන්දර්යට ආදරය කරන සංචාරකයන්ට සදා නොමැකෙන මතක සටහන් එක් කරන මෙම ස්ථානයේ සියලු වෙන් කරවාගැනීම් හෝ වැඩිදුර විස්තර www.villathawthisa.com යන වෙබ් අඩවිය මාර්ගයෙන් හෝ ඔවුන්ගේ නිල Face-book පිටුව වන VillaThawthisa වෙත පිවිසීමෙන් හෝ 0914-501021/0914-501024 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගැනීමට හැකිය.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / තිසර ගංගාදර

 

2016-11-28-ent-50
2016-11-28-ent-49
2016-11-28-ent-48
2016-11-28-ent-47
2016-11-28-ent-46
2016-11-28-ent-45
2016-11-28-ent-44
2016-11-28-ent-42
2016-11-28-ent-41
2016-11-28-ent-39
2016-11-28-ent-38
2016-11-28-ent-37
2016-11-28-ent-36
2016-11-28-ent-35
2016-11-28-ent-34
2016-11-28-ent-33