ස්වාභාවික පරිසරයක ජීවිතය විඳීමට Forest Rock Garden



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-14-ent-33

මිනිසුන් ලෙස අපි ජීවිතය විඳින්නේ එකිනෙකාට අනන්‍ය වූ එක් එක් ආකාරවලිනි. ඒ අතර, තමන්ට සමීප, තමන් ජීවත්වන සංස්කෘතියට ආවේණික පරිසරයක් තුළ ජීවිතය විඳීමට බොහෝ දෙනෙකුට ඇත්තේ නොතිත් ආශාවකි. Forest Rock Garden යනු එවැනි ස්වාභාවික පරිසරයක, ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ ආස්වාදය විඳිමින් ජීවිතය විඳින්නට කැමති අයෙකුට කළ හැකි හොඳම තෝරාගැනීමකි.

2017-11-14-ent-28බාලදුරගේ චන්ද්‍රසිරි යනු මේ ස්ථානයේ නිමැවුම්කරුවාය. හෝටල් හෝ සංචාරක නිවස්න සංකල්පයෙන් මිදී ආරාමික ලක්ෂණ සහිතව, පරිසර හිතකාමී ලෙස ඉදි වී ඇති මෙම අපූරු නවාතැන අක්කර 50 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතියි.

කාමර 25කින් සහ අම්බලම් 19කින් සමන්විත මේ හෝටල් සංකීර්ණය කිලෝමීටර් 04 ක දුරක් විහිදෙන පාලම් පද්ධතියකින් එකිනෙකට සම්බන්ධ වෙයි. රුපියල් මිලියන 775 ක පමණ ආයෝජන හිමිකමක් සහිතව ඉදි වී තිබෙන මෙකී සුවිශේෂී නවාතැන, විශාල ආරාම සංකීර්ණයක ඇති නිස්කලංක බව සහ උපශාන්තභාවය නිතැතින්ම රැකගැනීමට සමත්ව තිබේ.

පුරාණ ලාංකේය ගෘහ නිර්මාණ සංකල්පයට නෑකම් කියන වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් යුතුව ගොඩනගා ඇති මෙම හෝටලය, අවට ඇති ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින්, එහි ජීවත්වන සතා සීපාවුන්ගේ නිදහසට බාධා නොකරමින් ඉදිකරන්නට ගෙන ඇති උත්සාහය අගය කළ යුත්තකි.

අනුරාධපුර අටමස්ථානය ඇතුළු ඓතිහාසික උරුමය නරඹන්නට පැමිණෙන පිරිස් විශේෂ කොටගෙන ඉදිකර ඇති මෙම හෝටලය සම්පූර්ණයෙන්ම නිර්මාංශභාවය අගය කරන ස්ථානයක් වීමද සුවිශේෂී කාරණාවකි.

&රටක් ජාතියක් වුණාම අපට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පයක් අපට තිබිය යුතුයි. අපට එහෙම අතීතයක් තියෙනවා. මම දන්නා ආකාරයට අපට තියෙන්නේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයක්. පන්සල වටා ගොඩනැගුණු සමාජයක් විදියට අපේ ගෘහ නිර්මාණ ශිල්පයත් පන්සල වටාම ගොඩනැගිලා තියෙන්නේ. ගොඩනැගිලි කියන්නේ එක්තරා භාෂාවක්. Building Leanguage එකක් තියෙනවා. අපේ අතීත රජ දරුවන් ඒවා භාවිත කරලා තියෙනවා. පන්සල්වලට ගියාම පරණ මාලිගාවලට ගියාම අපට ඒක පෙනෙනවා, දැනෙනවා.

ඕනෑම කෙනෙකුට ඉදිකිරීම් කරන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ඒ ඉදිකිරීම් අතරේ කොහොමද පරිසරය රැකෙන්නේ කොහොමද සහ මේ සතා සිවුපාවා ජීවත්වෙන්නේ කියන එක අවබෝධ කරගැනීම. ස්වාභාවික කැලෑවක මේ ව්‍යාපෘතිය කරද්දි අපි ඒ ගැන බොහොම සැලකිලිමත් වුණා.

උන්ටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදියට තමයි මේක නිර්මාණය කළේ. පරිසරය කියන්නේ බොහොම වැදගත් දෙයක්. මේ Concept එක ඇතුළේ මම සමාජයට කියන්න උත්සාහ ගන්නේ ඒ දේ යි.

 

Text – Samith Bodhipakse / Photography – Eshan Fernando

 

2017-11-14-ent-20 2017-11-14-ent-21 2017-11-14-ent-22 2017-11-14-ent-23 2017-11-14-ent-24 2017-11-14-ent-25 2017-11-14-ent-26 2017-11-14-ent-27  2017-11-14-ent-29 2017-11-14-ent-30 2017-11-14-ent-32